Sitemap

ටෙන්ඩර් දැන්වීම් සහ සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.

ජාතික කාන්තා කමිටුව- කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

මිළ ගණන් කැදවීම

සුළු කාර්මික නිෂ්පාදන වතු වල ( තේ, පොල්, රබර් ) වැඩ කරන කාන්තාවන්ට සිදු වන වෙනස්කොට සැලකීමේ පුරුදු පිළිබද පර්යේෂණය

  • බත්තරමුල්ල , සෙත්සිරිපාය , දෙවන අදියරෙහි 5 වන මහලේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ඉහත සදහන් පර්යේෂණය සදහා සුදුසු රාජ්‍ය ආයතන , විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතන වෙතින් මිළ ගණන්  කැදවනු ලැබේ.
  • පර්යේෂණය සම්බන්ධ වැඩිදුර තොරතුරු 2016.04.08 දින සිට 2016.05.02 දක්වා සතියේ රාජකාරි දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම අමාත්‍යාංශයේ පාලන අංශයේ ප්‍රසම්පාදන ඒකකය වෙත පැමිණ ලබා ගත හැක.
  • පර්යේෂණය සදහා පර්යේෂණ ක්‍රමවේදය දැක්වෙන මුලික තාක්ෂණීක යෝජනාව හා මූල්‍ය යෝජනාව එකම ලියවිල්ලක් ලෙස ලියුම් කවරයක බහා මුද්‍රා තබා පහත සදහන් ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අමාත්‍යාංශයේ ටෙන්ඩර් පෙට්ටියට බහාලීම මගින් කළ හැකිය. මුල්‍ය යෝජනාවෙහි පර්යේෂණය සඳහා වන සම්පූර්ණ මුදල සියළුම බදු මුදල් ද ඇතුලත් වන පරිදි ඉතා පැහැදිලිව සඳහන් කල යුතුය.
  • සියළුම මිළ ගණන් 2016.05.04 දින ප.ව. 2.00 ට කාන්තා කටයුතු අමාත්‍යාශයේ දී විවෘත කෙරේ. එම මිළ ගණන් නිකුත් කල ආයතන වල නියෝජිතයෙකු හට එම අවස්ථාව නිරීක්ෂණය සදහා සහභාගී විය හැකිය.
  • මිළ ගණන් පිළිගැනීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන මණ්ඩලය සතු වේ.

සභාපති

ප්‍රසම්පාදන මණ්ඩලය  - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය,

පස්වන මහල,සෙත්සිරිපාය ( දෙවන අදියර ),

බත්තරමුල්ල.

දුරකථන අංක  : 0112187258     ෆැක්ස් : 0112187288

 

 

 

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

ටෙන්ඩර් දැන්වීම් සහ සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම.