Sitemap

ජාතික කාන්තා කමිටුව

දැක්ම 

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු වූ, හිංසනයෙන් තොර, කාන්තාවන්ට හිතකර, ශි‍්‍ර‍්‍ර ලාංකික සමාජයක්

 

මෙහෙවර

ශි‍්‍ර‍්‍ර ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට ප‍්‍රවර්ධනය කිරිම, සමානාත්මතාවය තහවුරු කිරීම, ඔවුන්ගේ පූර්ණ සංවර්ධනයට ඉවහල් වන ප‍්‍රතිපත්තිමය හා නීතිමය රාමුව සකස් කිරීමට උපදෙස් හා සහාය ලබා දීම, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට පෙළඹවීම සහ කි‍්‍රයාත්මක වීම අධීක්ෂණය කොට ඇගයීම.

ප්‍රධාන අරමුණු

  • ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත ඇති වන වෙනස්කම් පිළිබඳ වූ පැමිණිලි බාරගැනීම, විමර්ෂණය හා ඒවා අදාළ පාලක, බලධාරීන්, සම්බන්ධිත තැනැත්තන් හෝ මණ්ඩල වෙත අවශ්‍ය ක‍්‍රියාමාර්ග සඳහා යොමු කිරීම.
  • අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කාන්තා ප‍්‍රඥප්තියේ ඇතුළත් විධිවිධාන කඩ කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි, සහන, නෛතික ආධාර සහ හෝ සමථ සේවා සඳහා රජයේ හෝ රජයේ නොවන හෝ සංවිධාන වෙත යොමු කිරීම.
  • එම ක‍්‍රියාමාර්ග සමීක්ෂණය, අදාළ පාලන බලධාරීන්ගෙන් වාර්ෂික ප‍්‍රගති වාර්තා ලබා ගැනීම සහ එම වාර්තා රට තුළ ප‍්‍රචලිත කිරීම ආදියට අවස්ථා සැලසීම.
  • ප‍්‍රඥප්තියේ අන්තර්ගතව ඇති පරිදි, කාන්තා අයිතිවාසිකම් සහ වගකීම් විෂයෙහි නෛතික සහ සංවර්ධන ප‍්‍රතිපත්තිවලින් ඇතිවන බලපෑම ඇගයීම.
  • අදාළ පර්යේෂණ දිරිගැන්වීම තුළින් ප‍්‍රඥප්තියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරීවීම සහ ඒ පර්යේෂණ පදනම් කර ගත් ප‍්‍රතිසංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව, විෂයභාර අමාත්‍යවරයා/ඇමතිනිය විසින් කමිටුවේ අවධානයට යොමු කෙරෙන කරුණු පිළිබඳව හෝ උචිතයයි කමිටුව සිතන කටයුතු කිරීමට උපදෙස් දීම.

ජාතික කාන්තා කමිටුව