Sitemap

Awareness

ප්‍රජනන සෞඛ්‍ය පිළිබද මොඩියුල සැකසීම  හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබද ජනතාවනුවත් කිරීම සදහා වනිතා සංවර්ධන නිළධාරීන් පුහුණු කිරීමේ   TOT  වැඩමුළු - බස්නාහිර පළාත 2017.05.25/26

                පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා ජාතික කාන්තා කම්ටුව ඒකාබද්ධ වෙමින් ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව වඩාත් දැනුවත් කිරිම සදහා මොඩියුල ආශ්‍රයෙන් වනිතා සංවර්ධන නිළධාරීන් හා උපාද්ශන නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක්  ක්‍රියාත්මක විය .ඒ අනුව එම මොඩියුලයේ අන්තර්ගතය පහත පරිදි වේ.

  • ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය යනු කුමක්ද තරුණ අයට පැහැදිලි කිරිම.
  • ශරීරයේ ලිංගික අවයව හා ඒවායේ ලිංගික වෙන දැස්කම් පිළිබදවත් ශරීරයේ වර්ධනීය වෙනස්වීම් පිළිබදව.
  • ගැබ් ගැනීම් ගබ්සාවීම් හා පවුල් සැළසුම් ක්‍රම පිළිබදව.
  • ලිංගිකත්වය හා ඇතිවන සෞඛ්‍ය ප්‍රතිවිපාක.
  • ප්‍රජනන සෞඛ්‍ය හා ලිංගිකත්වය පිළිබද වගකීම.
  • වර්තමානයේ මේ සදහා පවතින සේවාවන්  
  • සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහිකිරිමේ සැලසුම් සදහා සූදානම් විම
  • තරුණ ප්‍රජාවට ලිංගිකත්වය හා ඇතිවන මෙම වැඩමුළුවේ දි නව යොවුන් සෞඛ්‍ය පිළිබදව හදුන්වා ගැටළු හා ප්‍රජාවගේ ගැටළු සිද්ධි අධ්‍යනය මගින් පැහැදිලි කිරිමයි. 

මෙම වැඩසටහනේ දි නව යොවුන් සෞඛ්‍ය පිළිබද හදුන්වා දෙන ලදී.ඒ අනුව නව යෞවනය යනු කුමක්ද? නව යෞවන වයසේ දි සිදුවන ශාරීරික වෙනස් වීම් කායික හා මානසික වෙනස් වීම් පිලිබදව හා ඔවුන්ගේ අවදානම් හැසිරිම හා නව යොවුන් දරුවන් අවදානම්ව හැසිරෙන්නේ ඇයි, හැසිරෙන අවස්ථා මොනවාද යන්න විග්‍රහ කර දෙන ලදී.

                        යොවුන් වියේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබදවත් ප්‍රජනක සෞඛ්‍ය ඉගැනීමට ඇති බාදක යොවුන් වියේ කායික වෙනස්වීම් ඒ අනුව ගැහැණු දරුවන්ගේ  හා පිරිමි දරුවන්ගේ ශාරීරික වෙනස්කම් හා ස්ත්‍රි පුරුෂ ද්විතික ලිංගික ලක්ෂණ පැහැදිලි කරන ලදී. මීට අමතරව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා එහි ක්‍රියාකාරිත්වය පුරුෂ ප්‍රජනක පද්ධතිය ආදී ශාරීරික ලක්ෂණ පැහැදිලි කරන ලදී.ආර්ථව චක්‍රය හා හෝමෝන වල ක්‍රියා කාරිත්වය මෙන්ම මල් වර වීම එතැන් පටන් ඔසප් විම හා එහි ක්‍රියා කාරිත්වය අසාමාන්‍ය  ඔසප් චක්‍රය ලිංගිකත්වය හා මිත්‍යා මත යනා දි කැරණු විග්‍රහත්මකව විස්තර කරන ලදී.

                එමෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ එම රෝග යනු මොනවාද? එම රෝග බෝ කරන රෝග කාරක මොනවාද? ඒ පිළිබදව දැනුවත් වීම වැදගත්වන්නේ ඇයි? ලිංගික රෝගයක් යැයි සැකකෙරෙන රෝග ලක්ෂණ මොනවාද? ඒවා ස්ත්‍රි පුරුෂ වශයෙන් ඛෙදෙන්නේ කොහොමද? යන්නත් ගොනෝරියා රෝගය වැළදුණු රෝගියෙකු හදුනා ගන්නේ කෙසේද? ක්ලැමීඩියා ආසාදන ඇතිවන්නේ කෙසේ ද ? ලිංගිකව ඇතිවන රෝග හර්පීස් / සිපිලීස් ආදිය දැනුවත් කිරිම හා මෙම රෝගීන්ට ඇතිවන රෝග ලක්ෂණ  HIV /AIDS  රෝගය යනු  හදුන්වා දිම එම රෝගය වැලදිය හැකි ක්‍රම එහි රෝග ලක්ෂණ මෙන්ම HIV ආසාධිතයින් හදුනා ගන්නේ කෙසේද? මෙම ලිංගිකව බෝවන රෝග වලින් වලකින්නේ කෙසේද? ලිංගිකව බෝවන රෝග පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගන්නේ කොහොමද ? යන්න විස්තරාත්මකව විග්‍රහයක් කරන ලදී.

                තරුණ විවාහකයින් අතර ලිංගික සෞඛ්‍ය  පිලිබදව දැනුවත් විම සම්බන්ධයෙන් විග්‍රහ කරන ලදී. මෙම හදුනා ගැනිම් නොවන අවස්ථාවන්හි දරුවන් බිහිවීමේ ප්‍රවණතාවයන් අඩු විම . ලිංගික සෞඛ්‍ය දුබල වීමෙන් පවුල් දෙදරා යන අවස්ථාද  අනියම් සබදතා ඇති කර ගැනීම ආදී තත්ත්වයන් අත්දැකිම් මගින් විස්තර කරන ලදී.

                විවාහකයින් පවුල් අතර පවුල් සැලසුම් කළ යුත්තේ කෙසේ ද ? පවුල් සැලසුම් යනු කුමක්ද? පවුල් සැලසුම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක් ද? නිසි පරිදි පවුල් සැලසුම් නොකිරීමෙන් මාතෘ මරණ සිදුවන ආකාරය , දරු උපත් අතර පරතරය නොපවත්වා ගැනීම නිසා නොමේරූ දරු උපත් හා අඩු බර උපත්  ඇති විම ආදිය විස්තර කරන ලදි.

                පවුල් සැලසුම් ක්‍රම භාවිතය පිලිබදව තෝරාගත හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම විවාහකයින් සදහා ආරක්ෂිත ක්‍රම එනම් ගිලින පෙති /හෝමෝන කරල් තැන්පතුව / රබර් කොපු පුරුෂ සහ කාන්තා සහ කොන්ඩම් භාවිතයේ වැදගත්කම / අන්තර් ගර්භාෂ තැන්පතුව (ලූපය) / ස්ත්‍රි සැත්කම් / පුරුෂ සැත්කම් / හදිස්සි උපත් පාලන පෙති භාවිතය සහ හදිස්සි පවුල් සැලසුම් ක්‍රම භාවිතය සහ මෙම සියළුම දේ තුල වැදගත්කම විස්තරාත්මකව විස්තර කරන ලදී.

                ගර්භනී භාවය , ගබ්සා වීම සහ සුරක්ෂිත මාතෘ භාවය පිලිබදව විස්තර කරන ලදී. ඒ අනුව පූර්ව පිළිසිද ගැනීමේ අවධිය පැහැදිලි කරන ලදී . අවධානම් තත්ත්වයන් ලෙස අවු 20 ට අඩු මව්වරුන්ට දාව උපදින දරුවන්ගේ මරණ ප්‍රතිශතය 50%  කින් වැඩි බව ද අඩු උපත් දරුවන් බිහිවීම ප්‍රවණතාවය මෙන්ම වෛද්‍යමය ගැටළු මතු වීම ආදී කරුණු රාශියක් පෙන්වා දෙන ලදී. එමෙන්ම පූර්ව පිළිසිද ගැනීම් අවධියේ දි කායික සෞඛ්‍ය පවත්වා ගත යුතු ආකාරය පෙන්වා දෙන ලදී.

                මීට අමතරව සංසේචනයෙන් පසු කලලයක් වර්ධනය වන ආකාරය සහ ඉන් අමතරව පූර්ව ප්‍රසව සංරක්ෂණයේ දී සායනික පරීක්ෂාවන් සිදු කළ යුතු ආකාරය මෙන්ම ගර්භණී සමයේ අවධානම් තත්ත්වයන් ගර්භණී සමයේ වහා ප්‍රතිකාර කළ යුතු හා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝග ලක්ෂණ පසු ප්‍රසව සමයේ වහා ප්‍රතිකාර කළ යුතු අවස්ථා එම කාලයේ දී ඇති විය හැකි හදිස්සි අවශ්‍යතා සහ ගර්භණී මවගේ පෝෂණය , ගර්භණී කාලය තුළ යහ පැවැත්ම මෙන් ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්ය භාර්ය පිළිබදව වඩාත් පුළුල් ලෙස විග්‍රහ කරන ලදී.   

                                                              

 

ප්‍රජනන සෞඛ්‍ය පිළිබ මොඩියුල සැකසීම  හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබව ජනතාව දැනුවත් කිරීම සහා වනිතා සංවර්ධන නිලධාරීන් හා උපදේශන නිලධාරින් පුහුණු කිරීමේ TOT වැඩමුළු - උතුරු මැද පළාත -  2017.07.27/28

                පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව ඒකාබද්ධ වෙමින් ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරිම සදහා මොඩියුල ආශ්‍රයෙන් වනිතා සංවර්ධන නිළධාරීන් හා උපදේශන නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනේ දෙවන අදියර 2017.07.27 /28 යන දිනයන්හි උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පවත්වන ලදී .මෙම වැඩමුළුව සදහා සම්පත්දායකත්වය අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධ නිළධාරින් විසින් සපයන ලදී. එනම් - පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී - තලාවල - අනුරාධපුරය, මනුප, නොචිචියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අදාල වෛද්‍ය වරුන් මෙම දේශනයන් සදහා සහභාගී විය.

          නව යොවුන් සෞඛ්‍ය පිළිබදව හදුන්වා දෙන ලදී.ඒ අනුව නව යෞවනය යනු කුමක්ද? නව යෞවනය වයසේ දි සිදුවන ශාරීරික වෙනස් වීම් කායික හා මානසික වෙනස් වීම් පිලිබදව හා ඔවුන්ගේ අවදානම් හැසිරිම හා නව යොවුන් දරුවන් අවදානම්ව හැසිරෙන්නේ ඇයි, හැසිරෙන අවස්ථා මොනවාද යන්න විග්‍රහ කරමින් නව යොවුන් සෞඛ්‍ය පිළිබදව විස්තරාත්මකව විස්තර කරන ලදී.

                විවාහක පවුල් අතර පවුල් සැලසුම් කළ යුත්තේ කෙසේ ද ? පවුල් සැලසුම් යනු කුමක්ද? විස්තර කිරිම පවුල් සැලසුම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක් ද? නිසි පරිදි පවුල් සැලසුම් නොකිරීමෙන් මාතෘ මරණ සිදුවන ආකාරය, වැඩිමහල් දරුවාගේ මරණය සදහා ඇති වැඩි අවධානම පිළිබදව හා දරු උපත් අතර පරතරය නොපවත්වා ගැනීම නිසා නොමේරූ දරු උපත් ඇති විම අඩු බර උපත් දරුවන් ඇති විම ආදිය විස්තර කරන ලදි.

                අඩු වයසින් ගැබ් ගැනීමක් ඇතිවුවහොත් අවදානම් අවස්ථා එමෙන්ම එසේ සිදුවීමක් වන අවධානම් ස්ථාන හා අවධානම් ඇදුම් මෙන්ම අවධානම් හැසිරිම් ආදිය පිළිබදව ද විස්තර කර දෙන ලදී.

         ගර්භනී භාවය, ගබ්සා වීම සහ සුරක්ෂිත මාතෘ භාවය පිලිබදව විස්තර කරන අතර පූර්ව පිළිසිද ගැනීමේ අවධිය පැහැදිලි කරන ලදී . සංසේචනයෙන් පසු කලලයක් වර්ධනය වන ආකාරය සහ ඉන් අමතරව පූර්ව ප්‍රසව සංරක්ෂණයේ  දී සායනික පරීක්ෂාවන් සිදු කළ යුතු ආකාරය මෙන්ම ගර්භණී සමයේ අවධානම් තත්ත්වයන් .එහි දී දියවැඩියාව /අධි රුධිර පීඩනය /වලිප්පුව වැනි රෝග පවතීනම් පාලනය කර ගත යුතු බවද අධික බර අඩු බර ආදිය පිළිබදව සැලකිළිමත්විම මෙන්ම මෙම අවධියේ දි මානසික සෞඛ්‍ය පිළිබදව ද අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙන ලදි.

            මෙම වැඩසටහනේ දී ද ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්ය භාර්ය පිළිබදව පැහැදිලි කරන අතරම ගර්භණී සමයේ වහා ප්‍රතිකාර කළ යුතු හා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු රෝග ලක්ෂණ පසු ප්‍රසව සමයේ වහා ප්‍රතිකාර කළ යුතු අවස්ථා එම කාලයේ දී ඇති විය හැකි හදිස්සි අවශ්‍යතා සහ ගර්භණී මවගේ පෝෂණය පවත්වා ගැනිම පිළිබදව විස්තරාත්මකව පැහැදිලි කර  දෙන ලදී. 

 

                                                                       

 

 

ප්‍රජනන සෞඛ්‍ය පිළිබද මොඩියුල සැකසීම  හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා වනිතා සංවර්ධන නිලධාරීන් හා  උපදේශන නිලධාරින් පුහුණු කිරීමේ TOT  වැඩමුළු - මධ්‍යම පළාත-  2017.08.28/29

                පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව ඒකාබද්ධ වෙමින් ප්‍රජනන සෞඛ්‍ය පිළිබදව දැනුවත් කිරිම සදහා මොඩියුල ආශ්‍රයෙන් වනිතා සංවර්ධන නිළධාරීන් හා උපදේශන නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනේ තෙවන අදියර 2017.08.28/29 යන දිනයන්හි මධ්‍යම පළාතේ ඒ දඩුවාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයයේ දී පවත්වන ලදී . මෙම වැඩමුළුව සදහා සම්පත්දායකත්වය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධ පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්  (මාතෘ හා ළමා ) හා ප්‍රධාන පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනියක් විසින් සපයන ලදී. ඒ අනුව - මහනුවර - වෛද්‍ය මහින්ද තෝරදෙනිය මහතා , වෛද්‍ය ඉරංග ද සිල්වා මහතා , ඒ.ඒ ශ්‍යාමලී මහත්මිය, වෛද්‍ය ලරීෆ් මහතා , වෛද්‍ය ජිනාදරී අධිකාරි මහත්මිය යන අය මෙම දේශනයන් සදහා සහභාගී විය.

          ප්‍රථම දේශනයෙන් නව යොවුන් සෞඛ්‍ය පිළිබදව හදුන්වා දෙන ලදී. සෞඛ්‍ය යන විෂය යොවුන්, මානසික , වැඩිහිටි , ළමා සෞඛ්‍ය  වශයෙන් වර්ග කිහිපයකටල ඛෙදෙන බවද වැඩිමනක් වශයෙන් කතා බහට ලක් වන්නේ යෞවුන් සෞඛ්‍ය පිළිබදව බවත් අවධාරණය කරන ලදී. ඒ අනුව නව යෞවනය යනු කුමක්ද? නව යෞවන වයසේ දි සිදුවන ශාරීරික වෙනස් වීම් කායික හා මානසික වෙනස් වීම් පිලිබදව විග්‍රහ කරමින් නව යොවුන් සෞඛ්‍ය පිළිබදව විස්තරාත්මකව විස්තර කරන ලදී.

                ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ එම රෝග යනු මොනවාද? එම රෝග බෝ කරන රෝග කාරක මොනවාද? ඒ පිළිබදව දැනුවත් වීම වැදගත්වන්නේ ඇයි? ලිංගික රෝගයක් යැයි සැකකෙරෙන රෝග ලක්ෂණ මොනවාද?  මෙම රෝගීන්ට ඇතිවන රෝග ලක්ෂණ  HIV /AIDS  රෝගය යනු  හදුන්වා දිම එම රෝගය වැළදිය හැකි ක්‍රම සහ එහි රෝග ලක්ෂණ විස්තරාත්මකව විග්‍රහයක් කරන ලදී.

                පවුල් සැලසුම් කළ යුත්තේ කෙසේ ද ? පවුල් සැලසුම් යනු කුමක්ද? පවුල් සැලසුම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක් ද? පවුල් සැලසුම් ක්‍රම භාවිතය පිලිබදව තෝරාගත හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම ආරක්ෂිත ක්‍රම , භාවිතය සහ මෙම සියළුම දේ තුල වැදගත්කම විස්තරාත්මකව විස්තර කරන ලදී.

                ලිංගික සෞඛ්‍ය පිළිබදව සැලකිලි මත් විමෙන්  පවුල් ජීවිතය රදා පැවැත්මට හා දරුවන් බිහිකිරිමට පවුලක් තුළ ඔවුන්නොවුන් අතර බැදීම් වැඩිකිරීමටද ඉවහල් වන බව සදහන් කරන  අතරම මෙහි දි කායික මෙන්ම මානසික සෞඛ්‍ය පවුලකට බලපාන ආකාරයත්ල පවුල් සංස්ථාව මනාව පවත්වා ගැනිමට නිවැරදි ලිංගික සෞඛ්‍ය බලපාන ආකාරය පිළිබදව පුළුල් විග්‍රහයක් කරන ලදී.     

                ගර්භනී භාවය , ගබ්සා වීම සහ සුරක්ෂිත මාතෘ භාවය හා පූර්ව පිළිසිද ගැනීමේ අවධිය මෙන්ම .අඩු වයසින් ගැබ් ගැනීමක් ඇතිවුවහොත් අවදානම් අවස්ථා මෙන්ම ගර්භනී සමයේ ඇතිවන රෝග පිළිබදව සැලකිළිමත්විම පිලිබදව පැහැදිලි කරන ලදී. එමෙන්ම මෙම අවධියේ දි මානසික සෞඛ්‍ය පිළිබදව හා  පූර්ව  ගර්භනී සංරක්ෂණය පිළිබදවත් පූර්ව  ගර්භනී සංරක්ෂණය අවශ්‍ය වන්නේ ඇයි? එයින් මව සහ දරුවා ආරක්ෂා කර ගන්නේ කෙසේද? මෙම කාලයේ ලබා ගත යුතු සෞඛ්‍ය සේවාවන් මොනවාද ? යන්න පැහැදිලි කරන ලදී. මීට අමතරව  සිද්ධි අධ්‍යනයන් මගින් පුළුල් සාකච්ඡාවක් පවත්වා ඒ අනුව  වැඩසටහන පිළිබදව අවබෝධයක් ලබා දුණි. 

 

                                                    

 

පරිසරය සුරැකීම සදහා කාන්තාවන් බලගැන්වීම පිලිබදව පවත්වන ලද මණ්ඩප සාකච්ඡාව

පළමු කොටස

දෙවන කොටස

Awareness