Sitemap

කාන්තාව සමාඡීය වශයෙන් සවිබලගැන්වීමේ අංශය

ඇයට  බුද්ධිය හා ශක්තිය තේමාව යටතේ කාන්තාවන් සමාජයීය වශයෙන් සවිබල ගැන්විම අරමුණු කර හඳුනාගත් වැඩසටහන්වලින් ඔවුන්ට දැනුම හා භෞතික සම්පත් ලබාදීම සමාජයීය බලගැන්වීමේ අංශයේ කාර්යභාරය වෙයි.

 

01.කාන්තා උපදේශන වැඩසටහන

ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන අතර සුවිශේෂ වැඩසටහනක් ලෙස උපදේශන සේවා වැඩසටහන හඳුනාගත හැක.සමාජයේ සංකීර්ණතාවය වැඩිවිමේදි කාන්තාවන්ට විවිධ අනපේක්ෂිත ගැටළුවලට මුහුණ දීමට  සිදු ව ඇත.එහිදී ඇතිවන  මානසික  පිඩාවන්ට  ඔරොත්තුදිමට  හැකි පරිදි  ඇයගේ පෞරුෂය සංවර්ධනය   කීරිම හා බ්ඳ වැටුණු  මානසික තත්වයන්ට   මනෝ ප්‍රතිකාර  ලබාදීම උපදේශනය මගින්   සිදුකෙරේ.

 
උපදේශන මධ්‍යස්ථාන  පිහිටුවීම,මධ්‍යස්ථාන  හරහා උපදේශණ  සේවාව ලබාදිම  හා පවත්වාගෙන යාමේ කටයුතු මේ වන විට  ප්‍රදේශ 11 ක් තුළ සිදු කරයි.  (කොළඹ, කටුනායක,ගාල්ල,කෑගල්ල , අනුරාධපුරය , නුගතලාව, ගම්පහ ,කළුතර, අම්බලන්තොට,මොණරාගල, කුරුණෑගල) 

 

02. කාන්තා රැකවරණ මධ්‍යස්ථානය  පවත්වාගෙන යාම.

පවුල සමාජය තුළින් විවිධ පිඩාවන්ට  ලක්වන කාන්තාවන් හා දරුවන් සදහා  නීතිමය සහන  සැලසෙන තුරු අධිකරණය මගින්  රැකවරණය ලබාදිම  යුතුයැයි තිරණය  කරන ලද කාන්තාවන්  හා දරුවන් සඳහා ආරක්ෂාව ලබාදෙන එකම රාජ්‍ය  ආයතනයක්  ලෙස  රැකවරණ මධ්‍යස්ථානය  ක්‍රියාත්මක වේ.

අපරාධයකට  ලක්  වු  වින්දිතයන්  සඳහා  ආරක්ෂාව,නිතීමය සහයෝගය ,මානසික උපදේශනය හා රැකවරණ මධ්‍යස්ථානයේ සිට නැවත සමාජගතවිමෙන් අනතුරුව සාර්ථක  අනාගතයකට අවශ්‍ය මාර්ග උපදේශනය ලබාදෙනු ලැබේ.

කාන්තාව සමාඡීය වශයෙන් සවිබලගැන්වීමේ අංශය