Sitemap

අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම

post date : 2017-08-24 01:48:15 type : අමාත්‍යංශ පුවත්

අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම - අමාත්‍යාංශ මට්ටමින් නම් කර ඇති අතිරේක ලේකම්වරුන්/අධ්‍යක්ෂවරුන් සඳහා වන පුහුණු වැඩමුළුව - 2017.08.22

පුරුෂයින්ට මෙන් ම ස්ත්‍රීන්ට ද සමානාත්මතාවකින් හා සම සාධාරණත්වයකින් යුතු ව කටයුතු කිරීමට හා තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම, රාජ්‍ය ආයතන තුළ කාන්තාවන්ට සිදු වන හිංසනයන් අවම කිරීම යන අරමුණු පෙරදැරි ව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද “අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම”මාතෘකාව යටතේ වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක 16/2522/740/013 හා 2016.12.06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත.

මෙම අමාත්‍ය මණ්ඩල තීරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම සඳහා සියලු ම අමාත්‍යාංශ ක්‍රියා කල යුතු ආකාරය දැනුවත් කරමින් 2017.01.27 වන දින අප අමාත්‍යාංශය විසින් යොමු කරන ලද අංක 01/2017 දරණ චක්‍රලේඛය ප්‍රකාර ව මෙම කාර්යභාරය වඩාත් ඵලදායී ආකාරයට සියලු ම අමාත්‍යාංශ තුල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් නම් කර ඇති මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වෙනුවෙන් මුලික දැනුවත් කිරීම් හා ඊට අදාළ සැලසුම් සකස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ ව පැවැත්වීමට නියමිත පුහුණු වැඩමුළු මාලාවේ ප්‍රථම පුහුණු වැඩමුළුව 2017.08.22 වන දින පෙ.. 08.30 සිට ප.ව. 2.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු ශාලා C (Lavender) හි දී පවත්වන ලදි.

මෙම වැඩමුළුව තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් පිටු දැකීම සඳහා රාජ්‍ය අංශයේ ආයතනයන්හි කමිටු පිහිටුවීම යන අංශ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර, මෙම වැඩමුළුවෙහි සම්පත්දායකත්වය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය, ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය සහ උපදේශක ශ්‍රියානි පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි.  

 

 

 

 

 

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම