Sitemap

ආපදාව හේතුවෙන් දෙමාපියන් අහිමි දරුවන්ට ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීම

post date : 2017-07-07 02:02:37 type : අමාත්‍යංශ පුවත්

2017 මැයි මස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගං වතුරෙන් සහ නාය යෑමෙන් අවතැන් වූ සහ අවදානමට පත් වූ පවුල් වල දරුවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා රජය විසින් රුපියල් මිලියන 75 ක මුදලක් අමාත්‍යංශය වෙත ලැබී ඇත. එම මුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අතරින්   මව හෝ පියා හෝ දෙදෙනාම අහිමි වූ දරුවන් සදහා විශේෂ ශිෂ්‍යාධාර වැඩසටහනක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත. ඒ යටතේ කළුතර, ගාල්ල,මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල වාර්තා වූ දරුවන් 28 දෙනෙකු මේ සදහා යෝජනා වී ඇති අතර ඔවුනගේ ශිෂ්‍යාධාරයට අදාල බැංකු ගිණුම් පොත් ලබා දීමේ උත්සවය 2017.07.07 වෙනි දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ 6 වන මහලෙහි පිහිටා ඇති ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ. මේ සදහා හදුනා ගන්නා ලද දරුවන් 28 දෙනා සහ ඔවුනගේ භාරකරුවන් සහභාගි විය.

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

ආපදාව හේතුවෙන් දෙමාපියන් අහිමි දරුවන්ට ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීම