Sitemap

ගංවතුරින් හා නායායාම් වලින් ආපදාවට ලක් වූ කාන්තාවන් හා ළමුන්ගේ සුභසාධනය උදෙසා කාන්තා හා ළමා කටය

post date : 2017-06-13 02:23:31 type : අමාත්‍යංශ පුවත්

ගංවතුරින් හා නායායාම්වලින් විපතටපත් හා පීඩාවට ලක් වූ කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව සුභසාධනය හා බිඳ වැටුණු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මේ වන විට වැඩසටහන් රාශියක් එම විනාශයට පත් වූ දිස්ත්‍රික්කයන් මුල් කර ගනිමින් ආරම්භ කර ඇත.

මේ වැඩසටහන් අතරින් එක් වැඩසටහනක් 2017-06-11 වන දින රත්නපුරයේ පීඩාවට පත් වූ කාන්තාවන් හා දරුවන් උදෙසා ක්‍රියාත්මක වන්නේ කෙසේද, ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම, උපදෙස් ආදිය ලබා දීම පිළිබඳව කේෂ්ත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය  ගරු  චන්ද්‍රානී බණ්ඩාර මැතිනිය, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ගරු  තලතා අතුකෝරල මැතිනිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) අශෝකා අලවත්ත මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. විජේතුංග සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලිනී ලොකුපොතාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය

එහිදි පහත සඳහන් උපදෙස් හා තීරණ ලබා ගන්නා ලදී.

  1. පෝෂණ මල්ල ලබා දීම සඳහා විනාශයට පත්ව ඇති වවුචර පත්‍ වෙනුවෙන් තොරතුරු අමාත්‍යාංශය වෙත ලබා දී විනාශයට පත්වූ වවුචර පත්‍ සඳහා නැවත වවුචර පත් නිකුත් කිරීම
  2. දෙමාපිය දෙපළම අහිමි වූ දරුවන් පිළිබඳව තොරතුරු පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තුමේන්තුව වෙත ඉදිරිපත් කර දරුවන්ගේ භාරකත්වය පිළිබඳ සුදුසු පුද්ගල භාරකාරීත්වයක් සකස් කිරීම
  3. ආපදාවට ලක් වූ පාසල් යන දරුවන් සඳහා ආරක්ෂක සැලසුම් සකස් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය වන අවශ්‍ය ප්‍රතිපාදන ළමුන්ගේ සමාජ ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම යටතේ ලබා දීම
  4. උපදේශනය අවශ්‍ය වන වැඩිහිටියන් හා දරුවන් සඳහා නිෂ්චිත සැලැස්මකට අනුව උපදේශන වැඩසටහන් සකස් කිරීමත් උපදේශන ලබා දෙන නිලධාරීන් සඳහා අවශ්‍ය කඩිනම් පුහුණුව ලබා දිමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම
  5. විනාශයට පත්ව ඇති සියලු පෙර පාසල් සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දීම, පෙර පාසල් දරුවන්ගේ මානසික සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  6. විනාශයට පත්ව ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තොරතුරු රැස් කිරීම
  7. ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඉදිරි සුභසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අදාල නිලධාරීන්ගෙන් තොරතුරු රැස්කර සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවිමෙන් සැලැස්මක් සකස් කර අමාත්‍යාංශයට ලබා ගැනිමත් ඒ අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

මෙම සාකච්ඡාවට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ   කාන්තාවන් හා දරුවන්ට අවශ්‍ය කරන ද්‍රව්‍යමය ආධාර බෙදා දීමේ වැඩසටහනක් ගරු අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

 

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

ගංවතුරින් හා නායායාම් වලින් ආපදාවට ලක් වූ කාන්තාවන් හා ළමුන්ගේ සුභසාධනය උදෙසා කාන්තා හා ළමා කටය