Sitemap

දේශපාලනයේ කාන්තාවන් බලගැන්වීමේ සහතිකපත් පාඨමාලාව - 2017 අධ්‍යයන අරමුණු පැහැදිලි කිරීමේ සැසිය

post date : 2017-11-07 00:07:03 type : අමාත්‍යංශ පුවත්

දේශපාලනයේ  කාන්තාවන් බලගැන්වීමේ සහතිකපත් පාඨමාලාව - 2017 අධ්‍යයන අරමුණු පැහැදිලි කිරීමේ සැසිය

ජාතික කාන්තා කමිටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව 2017 වර්ෂයේ පැවැත්වීමට නියමිත දේශපාලනයේ කාන්තාවන් බලගැන්වීමේ සහතිකපත් පාඨමාලාවේ අයදුම්කරුවන්ට අධ්‍යයන අරමුණු පැහැදිලි කිරීමේ සැසිය 2017.10.24 දින පෙ.ව. 9.00 ට  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ, 6වන මහල මුල් ළමාවිය ව්‍යාපෘති කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙම පාඨමාලාව සදහා එදින අයදුම්කරුවන් 65 දෙනෙකු සහභාගී වූ අතර එම අයදුම්කරුවන් දැනුවත් කිරීම සඳහා දේශන 03 ක් පවත්වන ලදි. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණ නව යෝජනා සහ කාන්තා සහභාගීත්වය පිළිබඳ විධිමත් දේශනයක් පවත්වන ලදි.

එමෙන්ම මහාචාර්ය ටියුඩර් සිල්වා මහතා කාන්තාව, දේශපාලනය හා සමාජ සංදර්භය පිළීබඳ හා  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණඥ එස්.යූ.බී.ජයමහ මහතා විසින් ජනගහන ප්‍රවණතා හා දේශපාලනය පිළිබඳවද දේශන පැවැත්විණි.

මෙම වැඩසටහනේදී පැහැදිළි වු ප්‍රධාන කරුණක් වන්නේ ගම්බඳ කාන්තා නායිකාවන්ගේ දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණය විමට හිඟතාවයක් නොමැති බවය. ඔවුන්ගේ නායකත්ව හා සන්නිවේදන කුසලතාව දේශපාලන මතවාද පිළිබඳ දැනුවත් වීමක් ඇති බවත්, තවදුරටත් ඔවුන් සඳහා පුළුල් දැනුම් සම්භාරයක් සහතිකපත් පාඨමාලාවෙන් ලබා දීමෙන් තව දුරටත් ඔවුන් දේශපාලන ක්ෂෙත්‍රයට අවතීර්ණය විමට පන්නරය ලබන බවත්ය.

මෙම වැඩසටහන සම්බන්ධිකාරක වශයෙන් ක්‍රියාකරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ හිටපු මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය, කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය විජය ජයතිලක මහතා, ඇතුළු අමාත්‍යාංශ හා ජාතික කාන්තා කමිටුවේ නිලධාරීන් සහභාගි විය.

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

දේශපාලනයේ කාන්තාවන් බලගැන්වීමේ සහතිකපත් පාඨමාලාව - 2017 අධ්‍යයන අරමුණු පැහැදිලි කිරීමේ සැසිය