Sitemap

මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2017

post date : 2017-08-16 03:54:40 type : අමාත්‍යංශ පුවත්

මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2017

ශාරීරික , මනෝ සමාජීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම අරමුණු කොට ගෙන, ළමා ලේකම් කාර්යාලය මගින් මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන් ජාතික,පළාත්,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාවට නංවනු ලබයි.

ඒ අනුව, 2017 වර්ෂයේ මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ජාතික සතියහෙට දින හිනැහෙන පිවිතුරු - දරු කැළ සුරකිමු නිරතුරු  තේමාව කොට ගනිමින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියළුම කණ්ඩායම් ඒකරාශී කරගනිමින් අදාල දින 7 තුළ වැඩසටහන් 7 ක් ජාතික මට්ටමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ළමා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට තිබේ.

 

2017.07.14 සිට 20 වන දින දක්වා පවත්වන ලද ජාතික සතියේ සාරාංශය

 

ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වන දිනය           2017.07.14

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම එම වැඩසටහන් වලට අදාළ සේවාවන් සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඊට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම සඳහාත් එම ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම සඳහාත් මෙම ජාතික සතියේ පළමු දිනය වෙන්කර ඇත. මෙවර ජාතික සතියේ පළමු දිනයේදී ළමා හිතකාමී අධ්‍යාපනය පිළිබඳ සංකල්පය සමාජගත කිරීමේ අරමුණින් ළමා ලේකම් කාර්යාලය මඟින් දැනට දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක්  වන වැලි කෙළියෙන් පිටු අතරට වැඩසටහන පිළිබඳව සාකච්ජා කරන ලද අතර එය තවදුරටත් දියුණු කරමින් පෙර පාසල් හා විධිමත් පාසල අතර සංක්‍රාන්තිය සුමටකරණය සඳහා නියමු මොඩලයක් (Pilot Model) සකස් කිරීමට යෝජනා විය. මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය UNICEF ආයතනය මඟින් ලබාදෙන ලදී.

 

මුල් ළමාවිය පසුවන දරුවන් සඳහා වැඩසටහන  2017.07.15

 

මුල් ළමාවිය දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති ජාතික සතියේ 2 වන දිනයේ වැඩසටහන මෙවර පින්නවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් ජූලි මස 15 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් නියෝජනය කරමින් දරුවන් 500 දෙනෙකු සහභාගී විය.කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ළමා ලේකම් කාර්යාලයත් ඒකාබද්ධව මෙම වැඩසටහන පවත්වන ලද අතර දරුවන් සඳහාම නිර්මාණය කරන ලද වැඩසටහන් ගණනාවකින් සමන්විත විය. මෙම ක්‍රියාකාරකම් සඳහා සියළුම පෙර පාසල් දරුවන් සහභාගී වූ  අතර එම දරුවන් වෙත වටිනා ත්‍යාග කට්ටලයක් ලබා දීමට ද ළමා ලේකම් කාර්යාලය කටයුතු කරන ලදී. මෙම දිනයට අදාළ ප්‍රාදේශීය වැඩසටහන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ,පෙර පාසල් දරුවන් සඳහා සෞන්දර්යාත්මක වැඩසටහන් වශයෙන් පවත්වන ලදී.

 

 

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් ගුරුවරියන් /දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් සඳහා වැඩසටහන     2017.07.16

ජාතික සතියෙහි තුන්වන දිනය ළමා ලේකම් කාර්යාලය මඟින් හඳුන්වා දෙන වැලි කෙළියෙන් පිටු අතරට වැඩසටහන පිළිබඳව පෙර පාසල ගුරුවරියන් දැනුවත් කිරීම සඳහා වෙන් කරන ලදී. මෙහි ප්‍රධාන වැඩසටහන හංවැල්ල "අම්බලම" හෝටල් පරිශ්‍රයේදී පෙර පාසල් ගුරුවරියන් 100 දෙනෙකු උදෙසා පැවැත්වීමට කටයුතු කරන ලද අතර මීට සමගාමීව ලංකාවේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද පෙර පාසල් ගුරු පුහණු සම්මන්ත්‍රණ පවත්වන ලදී.

මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් සඳහා වන වැඩසටහන      2017.07.17

ජාතික සතියේ හතරවන දිනය මුල් ළමාවිය දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වෙන්කර ඇත. මෙහි ප්‍රධාන වැඩසටහන බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගායේදී පවත්වන ලදී. මෙහිදී  පෙර පාසල් අවධියේ දී මනා පෝෂණයේ ඇති වැදගත්කම සහ මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනයට අදාලව දෙමව්පියන්ගේ භූමිකාව සකස් විය යුතු ආකාරය යන මාතෘකා යටතේ දෙමාපිය දැනුවත් කිරීම සිදු කරන ලදී.මීට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද වැඩසටහන් පවත්වන ලදි.

 

 

මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් සඳහා වන වැඩසටහන 2017.07.18

මෙවර ජාතික සතිය තේමා කොට ගන්නා ළමා හිතකාමී අධ්‍යාපනය පිළිබඳ සංකල්පය, එනම්  වැලි කෙළියෙන් පිටු අතරට වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමත් එම සංකල්පය ක්ෂේත්‍රගත කිරීමත් පිණිස ජාතික සතියේ පස්වන දිනය වෙන්කරන ලදී. ප්‍රධාන වැඩසටහන කොළඹ,මහනුවර,කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් නිලධාරීන් 100 දෙනෙකු සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

 

ගැබිණි මව්වරුන් සහ තරුණ කණාඩායම් සඳහා වන වැඩසටහන   2017.07.19

තරුණ තරුණියන් සඳහා මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ විෂය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ සඳහා ජාතික සතියේ හයවන දිනය තරුණ කණ්ඩායම්,ගැබිණි මව්වරුන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දැනුවත් කිරීම සඳහා වෙන්කර ඇත. මෙහි ජාතික වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මව්වරුන් සහ පියවරුන් 250ක් උදෙසා පැවැත්වීමට කටයුතු කරන ලදී. සහභාගී වූ ගැබිණි මව්වරුන් සඳහා වටිනා ත්‍යාග කට්ටලයක් හේමාස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ලබා දීමද මෙහිදී සිදු කරන ලදී. මීට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  මට්ටමින්ද වැඩසටහන් පවත්වන ලදි.

මුල් ළමාවිය ආදර්ශ ගම්මාන වැඩසටහන     2017.07.20

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම පිණිස තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාම නිලධාරී වසම්වල මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන ස්ථාපිත කිරීමට විශේෂිත වැඩසටහනක් ළමා ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කෙරේ. ඒ අතරින් ළමා ලේකම් කාර්යාලයේ "මුල් ළමාවිය ආදර්ශ ගම්මාන" ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියා කරන ලද පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "පිපෙන කැකුළු පෙර" පාසල විවෘත කිරීම සහ ඊට සමගාමීව දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.


 

 

 

 

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2017