Sitemap

කාන්තාව හා මාධ්‍ය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

post date : 2017-10-17 01:15:56 type : අමාත්‍යංශ පුවත්

මාධ්‍යයේ කාන්තා පිළිබිඹුව පිළිබඳව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වන මාධ්‍ය  වැඩමුළුව

මාධ්‍යයේ කාන්තා පිළිබිඹුව පිළිබඳව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා වන මාධ්‍ය  වැඩමුළුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ, ජාතික කාන්තා කමිටුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව 2017.10.12 වන දින පෙ.ව.9.00 ප.ව. 2.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලදී.

මාධ්‍ය තුළ කාන්තාව ඒකාකාරීත්වයෙන් නිරූපණය හා ස්ත්‍රී - පුරුෂ සමාජභාවීය හිංසනය පිළිබඳ නිවැරදි වාර්තාකරණය ආශ්‍රිතව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අදාළ කතිකාවත ගොඩනැඟීම මෙම වැඩමුළුවේ අරමුණු විය.

 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා කාන්තාව පිළිබඳව මාධ්‍ය දැක්ම කවරේද යන්න පැහැදිලි කරන ලදී. ඒ අනුව කැමරාකරණය තුළින් කාන්තාව පිළිබිඹුවන ආකාරය පිළිබඳව වැඩි දුරටත් විස්තර කරන ලදී.

 කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පර්යේෂණ මඟින් ගන්නා ලද දත්ත ආශ්‍රිතව මාධ්‍ය තුළින් කාන්තා නිරූපණය පිළිබඳව පුළුල් විග්‍රහයක් දක්වන ලද අතර එහිදී ඔහු වැඩි දුරටත් අවධානය යොමු කරන ලද්දේ මිත්‍යාවෙන් බැහැරව  ශ්‍රී ලංකාවේ දේශිය වැඩසටහන් නිරීමාණය කල යුතු බවයි.

විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහතා හිංසනය වැළැක්වීම උදෙසා මාධ්‍යයේ බලපෑම පිළිබඳව අදහස් දැක්වූ අතර එහිදී ශ්‍රව්‍ය, දෘෂ්‍ය, මුද්‍රිත මාධ්‍යවල වර්තමානයේ විකාශනය වන ටෙලි නාට්‍ය, වෙළඳ දැන්වීම්, පුවත්පත් දැන්වීම් හා ප්‍රචාරක දැන්වීම් හා සමාජ වෙබ් අඩවි ජාලාවන්හි අන්තර්ගත කරුණු හා රූප රාමු ඔස්සේ එයින් සමාජයට වන හිංසනය පිළිබඳව පුළුල් ලෙස විග්‍රහ කරන ලදී.

 මාධ්‍යවේදී හා නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති මහත්මිය  මාධ්‍යයේ කාන්තා පිළිබිඹුව පිළිබඳ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දැක්වූ අතර විවිධ සමීක්ෂණයන් ආශ්‍රිතයෙන් ලබ ගන්නා ලද වාර්තාවන් තුළින් වර්තමානයේ මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස්කරන්නේ කෙසේ ද, නව වෙනස්වීම්වලට මාධ්‍ය මුහුණ දෙන්නේ කෙසේද හා වෙළඳ දැන්වීම්වලට අවශ්‍ය වන උපදෙස් මාලාවල ඇති අවශ්‍යතාවය ඉස්මතුකර පෙන්වා දෙන ලදී.

ඉන් අනතුරුව මණ්ඩප සාකච්ඡාව තුළින්  මේ පිළිබඳව පවතින ගැටලු හා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමා කරන ලදී.

2017.10.11

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

කාන්තාව හා මාධ්‍ය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව