Posted in Ministry News on Aug 28, 2018
සෙත්සිරිපාය පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල් ගල තැබීම
(අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පල කිරීම සඳහා)
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හා අධීක්ෂණය මත නාගරික සංවර්ධන අධිකාරියේ ද අධීක්ෂණය යටතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින පෙ:ව 9.12 ට යෙදුණු සුභ මොහොතින් සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කට
Posted in Ministry News on Aug 27, 2018
“අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම - 2018
මුල් ළමාවිය සංවර්ධනයෙහි ලා මහෝපකාරී වන ඉතාමත් වැදගත් ක්ෂේත්රයක් ලෙස දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගත හැක. දරුවන්ගේ කුසලතා හඳුනාගැනීමත්, නිසි ඇගයීමට ලක් කිරීමත් හරහා එම කුසලතා සංවර්ධනය කර ගැනීමට දායක වීම නිර්මාණශීලී දැයේ දරු පරපුරක් අපේක්ෂා කරන වැඩිහිටි සැමගේම යුතුකම මෙන්ම වගකීම ද වේ. එම අරමුණ පෙරදැරි කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ “අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිත්තම් පෙළහර සාර්ථක ලෙස අටවන වරටත් සංවිධානය කොට පසුගිය දින පවත්වන ලදී. මෙම සිතුවම් දැක්ම අවුරුදු 3 -5 අතර පෙර
Posted in Ministry News on Aug 01, 2018
The National Committee on Women has decided to organize a policy dialogue with Civil Society Organizations to discuss the work conducted during the last three years. The members of the National Committee on Women will be presenting the activities conducted during the period to get the views of the civil society organizations. This will create an opportunity to hear from representatives of women’s rights organizations about their thoughts and ideas on policy priorities and directions. The presentations cover the areasof policy and legal, research, forum discussion,1938 helpline, media, Viole...
Posted in Ministry News on Jul 31, 2018
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය UNDP ආයතනය හා ඒකාබද්ධව ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසන වැලැක්වීම ප්‍රතිචාර දැක්වීමට අදාල රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත නිලධාරීන් ඒකාබද්ධ කිරීමේ වැඩ සටහන් දෙකක් හා එම නිලධාරීන්ගේ අවශ්‍යතා හදුනා ගැනීමේ වැඩසටහන් 2ක් යාපනය දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේදී 2018/05/24 හා 25 දෙදින කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2018/06/25 හා 26 දෙදින පවත්වනු ලැබීය
ඊට අමතරව 2018/06/18 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා 2018/06/19 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුවිපරම් වැඩසටහන් දෙකක් පවත්වනු ලැබිය.
Posted in Ministry News on Jul 30, 2018
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2018
ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී කර ගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය සහ සංවර්ධනය ඉලක්ක කර ගත් වැඩසටහන් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම
Posted in Ministry News on Jun 21, 2018
අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දැනුවත් කිරීමේ වැඩසටහන - 2018.06.11
අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරිමේ වැඩසටහනට අදාළ ව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය පරිදි සියලු අමාත්‍යාංශයන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ව අප අමාත්‍යාංශය විසින් 2017.01.27 වන දින 01/2017 දරණ චක්‍රලේඛය නිකුත් කරන ලදි.
ඒ අනුව, මෙම වැඩසටහන සඳහා සියළු අමාත්‍යාංශයන් හි තීරණ ගත හැකි මට්ටමේ සිටින නිලධාරියෙකු / නිලධාරිනියක කේන්ද්‍ර නිලධාරී ලෙස පත් කර ගන්නා ලදි. මෙම විෂය පිළිබඳ කේන්ද්‍ර නිලධාරීන් පමණක්
Posted in Ministry News on Jun 06, 2018
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන “ගීතය තුලින් ඇය දකිමු” සෞන්දර්යාත්මක රසවින්දනමය දැනුවත් කිරීමේ වැඩසටහන 2018.05.23 දින පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය අවම කර ගැනීම සහ කාන්තා හා ළමා අපචාර අපචාර සිදු වීම වලක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම , වර්ථමානයේ ළමුන් හා කාන්තාවන් මුහුණ දෙන විවිධ සමාජ ගැටලු අවම කර ගනිමින් ඔවුන්ට හිතකර සංවේදී සමාජයක් ගොඩනැංවීම මෙම වැඩසටහනේ අරමුණ විය. වැඩසටහන සංවිධානය කරන ලද්දේ යුධ හමුදා මූලස්ථානයයි. වැඩසටහන සඳහා යුධ මහුදා නිලධාරීන් 260 ක් පමණ සහභාගී වූහ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය
Posted in Ministry News on Apr 27, 2018
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම්තුමිය ලෙස අශෝකා අලවත්ත මැතිණිය ධූරයේ වැඩ භාර ගැනීම 2018.04.20 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ආගමික චාරිත්‍රානුකූලව සිදු කරන ලද මෙම සුභ අවස්ථාව සඳහා ප්‍රභූන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
ලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්තුමිය පැවසුවේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 52% ක් වන කාන්තාවන්ට එම පවුල්වල දරුවන්ට හිංසනයෙන් තොරව ජීවත්වීම සඳහා ඔවුනගේ අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය මෙන්ම අභිමානය ඔප් නැංවන අයුරින් සමාජය සංවේදී කිරීම හා සමාජය තුළ ප්රබෝධයක් ඇති කිරීම
Posted in Ministry News on Apr 20, 2018
Mrs. Ashoka Alawatta assumed duties at the Ministry of Women and Child Affairs today(2018/04/20) as the new secretary
Posted in Ministry News on Apr 19, 2018
මාතර දිස්ත්‍රික්කය - මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පිහිටුවීම.
ළමා අපයෝජන හා කාන්තා හිංසනය අවම කිරීම උදෙසා ක්‍රියාත්මක කරන ලද විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් ක්‍රියාකාරකමක් වන්නේ දිවයිනේ පොලිස් ස්ථානයන්හි කාන්තාවන්ට හා දරුවන්ට හිතකර හා සංවේදී වන ලෙස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථාපනය කිරීමය. ඒ අනුව මේ වන විට දිවයිනේ පළාත් 09 ක් අවරණය වන පරිදි නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ 34 ක් ඉදිකර ඇත. මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද මාතර කොට්ඨාශ නව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය 2018.04.06 වන දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වය