COVID -19 වසංගතය හේතුවෙන් අකර්මන්‍ය කර වසා දමන ලද රට නැවත යථා තත්වයට පත් වීමත් සමඟ පෙරපාසැල් හා ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ කිරීමට අදාලව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් අප අමාත්‍යාංශය වෙත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර ඇත.
ඒ අනුව සකස් කළ “COVID -19 පැතිරීම වැලැක්වීමට මුල් ළමාවිය අධ්‍යාපන සහ රැකවරණ සේවා මධ්‍යස්ථාන (පෙර පාසැල් /මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වතු ආශ්රිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන) සූදානම් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය” ඉදිරි සතිය තුලදී අප අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව 2020.07.01 දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කළහැක.
මේ වන විටත් COVID - 19 අවධානම පහව ගොස් නොමැති හෙයින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශයට අනුව ළමුන් , කාර්ය මණ්ඩල සහ පවුලේ සාමාජිකයින් විසින් අනුගමනය කළයුතු උපදෙස් අනුව COVID -19 පැතිරීම වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපදිමින් සියළුදෙනා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පෙරපාසැල් / මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරන දිනය අමාත්‍යාංශය විසින් පසුව දැනුම් දෙනු ලැබේ.