"ඇය දැයේ අභිමානයයි" යන තේමාව පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය කලාකීර්ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිතුමියගේ ආරාධනයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු 08 දින පවත්වන ලදී.
මීට ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ද, ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන් රැසක් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවල නිලධාරීන් ද සහභාගී විය.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය හා කාන්තාව සාමය හා ආරක්ෂාව පිළිබද ජාතික ක්‍රියාකාරී සැලැස්ම ගරු ජනාධිපතිතුමන් වෙත හා ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වීම ද සිදුකෙරුණි.
වත්මන් ශ්‍රී ලාංකික අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත 03 ක් වන ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය, කලාශූරී ශ්‍රියානි අමරසේන මහත්මිය, අනුල ද සිල්වා මහත්මිය සහ දිරියෙන් ජීවිතය ජයගත් රශ්මි නිමේෂා ගුණවර්ධන මෙනෙවිය ඇතුළු තවත් දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහක ව්‍යවසායක කාන්තාවන් 25 දෙනෙකුද ඇගයීමට ලක් කෙරිනි.