කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

State Ministry of Women and Child Development,Pre-Schools & Primary Education,School Infrastructure & Education Services

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்தி, முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்வி, கல்விச் சேவைகள் மற்றும் பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சு

මුල් ළමාවිය සංවර්ධනය සහ පෙර පාසල් අධ්‍යාපනය විෂයන්ට අදාළ වැඩසටහන් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම

2020 වර්ෂය සඳහා ළමා ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළව ලබාගත් ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ රැස්වීමක් 2020/10/15 දින ගරු අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්, ගරු ලේකම්තුමිය කුමාරි ජයසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ මාණ්ඩලික නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී මෙම වර්ෂය තුලදී වැඩසටහන් වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම පෙර පාසල් විෂය ක්ෂේත්‍රය සහ පෙර පාසල් ගුරුවරුන් වෙත සුවිශේෂී අවධානයක් යොමු විය යුතු බවද ඵලදායී ලෙස සම්පත් උපයෝජනය සිදුකරමින්, අවශ්‍යතා පවතින දුෂ්කර සහ අඩුපහසුකම් සහිත ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කෙරිණි.

Posted in Highlights, Ministry News on Oct 20, 2020