මානසික සෞඛ්‍ය දිනයට සමගාමිව ක්‍රියාත්මක වන උපදේශන වැඩසටහන 2018/10/25 දින බත්තරමුල්ල, සුහුරුපාය, 19 වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ගරු අමාත්‍යය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් අශෝක අලවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
වැඩසටහනේ අරමුණු :
- උපදේශනයේ හා මානසික සෞඛ්‍ය දිනයේ වැදගත්කම පිළිබඳව දැනුවත්භාවයක් ලබා දීම
- උපදේශන වෘත්තියට පවතින අභියෝග ජය ගැනිම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම
- උපදේශන විෂය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරවීම
- දිස්ත්‍රික් මට්ටම්න් හා ප්‍රාදේශීය මට්ටමින් විසිරී සිටින උපදේශන නිලධාරීන් සහ සිටින උපදේශන සහකාර නිලධාරීන් එකිනෙකා මුණ ගැස්වීම
- දැනුම කුසලතා ප්‍රවර්ධනය
- කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන වැඩ සටහන වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම
- කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන වැඩ සටහන අමාත්‍යාංශයට අනන්‍යවූ පදනමකින් ගෙනයෑමට මාර්ගය සැලසීම යන අරමුණු පෙර දැරිව මෙම උපදේශන වැඩසටහන ක්‍රියාත්මක වේ.