මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන නිලධාරින්ගේ ප්‍රගති සමාලෝචනය
ශ්‍රීීි ලාංකීය දරුවන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය හා ඔවුන්ගේ පුර්ණ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන රාජ්‍යෙ යාන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයයි. මුල් ළමාවියේ දරුවන් උදෙසා ශාරීරික, මනෝසමාජීය සහ ප්‍රජනන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොට ගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂි වැඩසටහන් ඒකරාශි කර ගනිමින් 2018 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2018.10.18 වන දින පෙ.ව 10.00ට අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ්‍රෙය්දී කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්දද්‍රාණි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානතක්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් අශෝකා අලවත්ත මහත්මියගේ උපදෙස් මත පැවැත්විණි. ඒ සඳහා මුල් ළමාවිය නිලධාරින් දිස්ත්‍රික් 25ම නියෝජනය වන පරිදි මුල් ළමාවිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් මේ අවස්ථාවට සහභාගි විය. එහි දී දිස්ත්‍රික් 25ම ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් වල ප්‍රගතිය සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී පැන නැගි ඇති ගැටළු සහ එම ගැටළු වලට විසඳුම් ද මෙම සාකච්ඡාවේ දී කථාබහට ලක් විය. ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනයට මෙම ව්‍යාපෘතිය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතරේ සමස්ථ මුල් ළමාවිය දරුවන් වෙනුවෙන් විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමටත් නිරෝගිමත් දරුපරපුරක් දැයට දායාද කිරීම අරමුණු කර ගනිමින් අප අමාත්‍යාංශය විසින් කරන දැවැන්ත අනාගත අයෝජනයකි. ලෝක බැංකු ආධාර මත දකුණු ආසියාවේ ක්‍රියාත්මක ප්‍රථම මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මෙය වන අතර, මෙම ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මත දකුණු ආසියාවේ සිදු කළ ප්‍රථම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ සංගණනය සිදු කිරීමට මේ වන විටත් අප අමාත්‍යාංශයට හැකි වී ඇත. මෙම සාකච්ඡාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය තුමිය, ලේකම්තුමිය, ගරු අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම්, අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරි මහත්ම මහත්මින් සහ දිස්ත්‍රික් 25ම නියෝජනය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ මුල් ළමාවිය සංවර්ධන නිලධාරින් මෙම සාකච්ඡාව සඳහා සහභාගි විය.
![]() |
![]() |
||
![]() |
![]() |
||
![]() |
![]() |
||