අමාත්‍යාංශයේ ඉතිහාසය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය 2010 අප්‍රේල් මස 30 වන දිනැති හා අංක 1651/20 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ස්ථාපිත කර ඇත. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය ,ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය , ජාතික කාන්තා කමිටුව මෙම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන් වේ.
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවිමේ අරමුණ වනුයේ ළමුන් හා කාන්තාවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ඔවුන්ගේ අවශ්‍යතා සපිරෙන හිතකර සංවේදි සමාජයක් බිහිකිරිමයි.
මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් සුරක්ෂිත සෞභාග්‍යමත් පවුල් ඒකකයක් ගොඩනැගිමේ අරමුණින් 2010 වසරේ සිට මේ දක්වා අමාත්‍යාංශය මගින් ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව සුභසාධනය හා සංවර්ධනය ලඟාකර දීම සඳහා විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් සංවිධානය කර ඇත.
| ඉතිහාසය | වර්ෂය | |
![]() |
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ පළමුව පිහිටුවන ලදි. | 1978 |
![]() |
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය කාන්තා කටයුතු හා ශික්ෂණ රෝහල් අමාත්‍යාංශය යටතේ නැවත පිහිටුවන ලදි. | 1983 |
![]() |
වනිතා කටයුතු අමාත්‍යාංශය ( වෙනම අමාත්‍යාංශයක් යටතේ ) | 1997 |
![]() |
කාන්තා අභිවෘද්ධි හා සමාජ සුභසාධන අමාත්‍යාංශය | 2004 |
![]() |
ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යාංශය | 2006 |
![]() |
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය | 2010 |
|
|||||||||||||||
|
කඩිනම් සබැඳියන්
පුවත් සහ සිද්ධීන්
- 1
- 2
- 3
- 4
















