FAQ

අපට ස්වයං රැකියා අවස්ථාවක් හෝ අදායම් උත්පාදනයන් සදහා යම්කිසි සහයෝගයක් ඔබ අමාත්‍යාංශය මගින් ලබාගත හැකිද?

ඔව් ,  

ශ්‍රි ලංකා  කාන්තා කාර්යාංශය  මගින් සුඵ පරිමාණ ණය, තාක්ෂණික හා  හැකියාව වර්ධන,  හා ව්‍යවසායකත්ව  සංවර්ධන  පුහුණුවීම් අවස්ථා ලබා දෙයි.

ඔබ අමාත්‍යාංශය මගින් දුෂ්කරතාවයන්ට පත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම සදහා යම් සහයෝගයක් ලබා දෙන්නේද?

අමාත්‍යාංශය දිළිදු පවුල්වල ළමුන් සදහා  ශිෂ්‍යත්ව  ලබා දිමේ  වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. ඉල්ලුම් පත්‍ර ඔබ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ළමා හිමිකම්  ප්‍රවර්ධන නිලධාරීන්  මගින් ලබා ගත හැකිය.

ළමා අපයෝජනයක් හෝ ළමා අයිතිවාසිකම් කඩවීමක් පිළිබදව අප පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ කෙසේද?

පැය 24 පුරා ක්‍රියාත්මක   ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  නිදහස් 1929 දුරකථන සේවාව  මගින් සිදුකළ හැක.

අපයෝජන වැළැක්වීම සදහා  වු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දුරකතන අංක 011-282644  මගින්  හෝ  ජාතික  කාන්තා කමිටුවේ  පැමිණීලි මධ්‍යස්ථානය  දුරකථන අංක 011-2827002  ඇමතීමෙන් ලබාදිය හැකිය.

ඊට අමතරව  හදිසි ඇමතුම් සේවා  අංක 119 ද භාවිතා කළ හැක.

ගැටළුවලට මුහුණ දී ඇති පෙර පාසැල් සංවර්ධනය සදහා ඔබ අමාත්‍යාංශය මගින් ගන්නා ක්‍රියාමාර්ග කවරේද?

  1. නව පෙර පාසල් ගොඩනැගිලි  ඉදිකිරිම.

  2. පෙර පාසල් ගොඩනැගිලි අළුත්වැඩියාව.

  3. සෙල්ලම් මිදුල් සංවර්ධනය.

  4. අධ්‍යපන හා සෙල්ලම්  උපකරණ ලබාදීම.

  5. පානිය ජල හා සනීපාරක්ෂක පහසුකම්  වැඩිදියුණු කිරිම.

  6. පෙර පාසල් ගුරු පුහුණුව.

වැඩි විස්තර ළමා ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ  ඇමතීමෙන් ලබාගත හැකිය.

ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සේවය කරන ඔබ අමාත්‍යාංශයේ ප්‍රාදේශිය මට්ටමේ නිලධාරින් කවුරුන්ද?

 

  1. වනිතා සංවර්ධන නිලධාරින්

  2. සහන සොයුරියන්

  3. උපදේශන නිලධාරින්

  4. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්

  5. මුල්ළමාවිය  සංවර්ධන සහකාර

මෙම නිලධාරින් ඔවුනගේ  අදාල  ප්‍රාදේශිය  ලේකම් කාර්යාල හරහා සම්බන්ධ කරගත හැකිය.

 


Last Updated on Monday, 04 June 2012 14:23

 

women

 

ෆේස්බුක් සම්ප්‍රේෂණය

අවසන් යාවත්කාලින කිරීම


18-06-2013 16:16 PM