ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධිය යන පුළුල් විෂය ක්ෂේතරයන් වෙත අවධානය යොමු කිරිම වස් වර්ෂ 2005 අවසන් භාගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය පිහිටුවන ලදි. එතැන් සිට මේ දක්වා ළමුන්ගේ සංවර්ධනය හා කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ප්‍රතිපත්ති හා උපාය මාර්ග සම්පාදනය, සැලසුම් කිරිම, සම්බන්ධීකරණය හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ වගකීම දරණ ප්‍රධාන ජාතික යාන්ත්‍රනය වශයෙන් කැබිනට් අමාත්‍යංශය කටයුතු කර තිබේ.
අමාත්‍යංශයේ කාර්යභාරයන් ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි වශයෙන් අංශ දෙකකට බෙදී යන අතර මෙම අංශ දෙකෙහි කාර්යයන් ඉටු කිරිම පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, ශ්රී ලංකා කාන්තා කාර්යාංශය හා ජාතික කාන්තා කමිටුව යන ආයතන මගින් ඉටු වේ.


