කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් 2023.03.21 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී පෙර පාසල් දරුවන්ට ලබාදෙන උදෑසන ආහාර වේල දෙසැම්බර් මාසය දක්වා දිර්ඝ කිරීමේ හැකියාව, පෙර පාසල් ගුරුවරුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පුහුණු කිරීමේ හැකියාව, දැනට ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කර ඇති ඉදිකිරීමේ කටයුතු කඩිනමින් නිම කිරීම පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් විය.

Posted in Highlights, Ministry News on Mar 23, 2023