කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම් අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාත් ඒ තුලින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාත්, ප්‍රථම වරට කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඇත. මෙම ජාතික ප්‍රතිපත්තිය මඟින් සියළු කාන්තාවන්, පිරිමින්, ගැහැනු දරුවන්, පිරිමි දරුවන් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සුළුතර ප්‍රජාව ඇතුළු සියලු කණ්ඩායම්වල අනන්‍යතාවය ආරක්ෂා කරමින් වෙනස්කොට සැලකීම්වලින් තොරව ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම සැකසෙනවා. මේ සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහතික කර එහි නිර්දේශ පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා පිහිටුවන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයෙන් දායකත්වය ලැබුනු අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ආයතනයෙන්) මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ලැබුනි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේදී මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්විණි.

සැලසුම් අංශය

Posted in Highlights, Ministry News on Mar 21, 2023