ඉරානයේ ටෙහෙරාන් නගරයේ දී 2023 ජනවාරි 20 වන දින පැවැත්වෙන බලවත් කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනය (The first International Congress of Influential Women) සඳහා සහභාගි වීමට 2023.01.18 දින කාන්තා ,ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය ඉරානය බලා පිටත්ව ගියාය.
එතුමිය මේ සඳහා සහභාගි වන්නේ ඉරාන ජනරජයේ කාන්තා හා පවුල් කටයුතු උප ජනාධිපති H.E.Enisaiyeh Khazali (එනසායේහ් කසාලි) ගේ ආරාධනයකට අනුවය.
සංස්කෘතික වටිනාකම ඔප්නංවනු පිණිස කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ තත්ත්වය පිළිබඳ බුද්ධිමය හා එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට රටවල් දිරිගැන්වීම හා කාන්තාවන්ගේ පෞර්ෂය වර්ධනය කිරීම, රටවල්වල බලවත් කාන්තාවන් හඳුන්වා දීම හා දිරිගැන්වීම උදෙසා කාන්තාවන්ට සමානුපාතික තත්ත්වයන් බිහි කිරීම මෙම සම්මේලනයේ අරමුණයි. අභිලාෂිත මාතෘකා පිළිබඳ ද්විපාර්ශවික හා බහු පාර්ශවික සාකච්ඡා මෙන්ම අනෙකුත් ප්‍රාරම්භයන් ක්‍රියාත්මක කිරීමේදී සහභාගීත්වය, ආකර්ෂණය කර ගැනීම උදෙසා නවෝත්පාදක සැලසුම් ඉදිරිපත් කිරීම මගින් කාන්තාවන්ගේ තත්ත්වය ද්විපාර්ශවිකව, කලාපීය හා ගෝලීය මට්ටමින් වර්ධනය කිරීමට මෙයින් බලාපොරොත්තු වේ.
අනෙකුත් රටවල නිලධාරින්ගේ සහභාගීත්වය තුළින් යුක්තිය හා සාමය පිළිබඳ කතිකාවත ප්‍රවර්ධනය කිරීම, අවබෝධය හා අන්තර් ක්‍රියා පුළුල් කිරීමට හැකිවේ. ගෝලීය අභියෝග විසඳීමෙහිලා කාන්තාවන්ගේ කාර්යභාරය තීරණය කිරීමේදී අදහස් හුවමාරු කරගනිමින් හා විවිධ විද්‍යාත්මක හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි බලවත් කාන්තාවන්ට ගෞරවය පුද කරමින්, බලවත් කතුන්ගේ ක්‍රියාවන් ශක්තිමත් කිරීමත් මෙයින් අපේක්ෂා කෙරේ.
මෙම සම්මේලනය මගින් ලොව ප්‍රභූ කාන්තාවන්ගේ සක්‍රිය සහභාගීත්වය තුළින් ඔවුන්ගේ අදහස්, අත්දැකීම් හා හැකියාවන් සම්බන්ධයෙන් ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට හා අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව උදා වනු ඇතැයි බලාපොරොත්තු වේ.