කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

ගර්භණීයන්ට - කිරිදෙන මවුවරුන්ට ළමා නිවාස දරුවන්ට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත එක්වෙයි.

දිවයින පුරා කොවිඩ් 19 රෝග‍යේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ රෝගය වැළඳී ඇති ගර්භනී මාතාවන්, කිරිදෙන මව්වරුන් සහ පරිවාස කාර්‍යාලය යටතේ පවතින ළමා නිවාසවල සිටින දරුවන් සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා නිරීක්ෂණ චාරිකාවට අද අගෝස්තු මස 11 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ආමත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා සහභාගී විය .

අදාල මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය භාවිතා කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතිය හිමිව ඇත.මහල් තුනකින් යුතු මෙම ගොඩනැගිල්ල තුල රෝගීන් 150දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සකස් කිරීමට අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර පවතින අඩුපාඩු පිළිබඳවද සොයා බලන ලදී.

ගර්භණී මවුවරුන්, කිරි දෙන මවුවරුන් මෙන්ම ළමා නිවාසවල දරුවන් සඳහාම මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් මෙහි වැඩකටයුතු ඉක්මනින් අවසන් කර ප්‍රතිකාර පටන් ගන්නා බවත් අමැතිවරයා එහිදී මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ, බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්.මාලා, නියෝජ්‍ය පරිවාස කොමසාරිස් සුධීර නිලංග විතාන, කලුතර මූලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

Posted in Highlights, Ministry News on Aug 11, 2021