කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව සහ ජාතික ශිල්ප සභාව, ඊජිප්තු තානාපති කාර්යාලය සමඟ එක්ව Women plus bazaar වෙළඳ සල්පිල අප්‍රේල් මස 30 කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී ආරම්භ වීමට නියමිත ය. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමතිනි, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී 2023.03.09 වන දින පැවැත්විනී. දිවයින පුරා සිටින පාරම්පරික ශිල්පීන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම මෙම සල්පිල පැවැත්වීමේ අරමුණයි. ඔවුන්ගේ නිෂ්පාදන වර්ධනය කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දීම මෙහි අරමුණ යි. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ අඩු ආදායම්ලාභීන්ට උපකාර කිරීම හා ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය සුරැකීම පමණක් නොව, මානව සහෝදරත්වය සහ සහයෝගීතාවය යන සංකල්පය යොදා ගනිමින් සමාජයේ අඩු අදායම්ලාභින්ට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා උපකාර කිරීමයි.

Posted in Highlights, Ministry News on Mar 10, 2023