සංවර්ධන අංශය

 

ප්‍රධාන කාර්යභාරය


ප්‍රතිපත්ති සම්පාදනය හා ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම දරන මෙම අංශයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධීකරණය, එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන හා විදේශීය මෙන්ම දේශීය ප්‍රදායක ආයතන සම්බන්ධීකරණය, ජාතික මට්ටමේ වැඩසටහන් සම්බන්ධීකරණය හා ඇගයීම්  සිදුකිරීම වේ.

 

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්


1 කාන්තාවන්ට අදාළ ප්‍රතිපත්ති හා පනත් සැකසීම

  • ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන දෙවන පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම [2024-2028]
  • ස්ත්‍රී-පුරුෂ සමාජභවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස්කි රීම හා ක්‍රියාත්මක කිරීම.
  • කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම [2023-2027]

2 දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීම සම්බන්ධීකරණය

3 මාධ්‍ය හා ප්‍රචාරණය

4 ස්ත්‍රී - පුරුෂ සමාජභාවය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන - එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ප්‍රතිපාදන මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය.

5  ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධන ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය (ADB ) යටතේ නීති ආධාර සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ දැනුවත් කිරීම හා ගෘහස්ත ප්‍රචණඩත්වය වැළැක්වීම සම්බන්ධ වැඩසටහන.   

6 මිනිස් ජාවාරම පිටුදැකීම හා මෙහෙයවීම පිළිබඳ ජාතික උපාය මාර්ගික සැලැස්මේ අමාත්‍යාංශයට අදාළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම