ජාතික කාන්තා කමිටුව

ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කාන්තා ප්‍රඥප්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයවීම සඳහා කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව 1993 මාර්තු 8 වැනි දින පිහිටුවන ලදී. මෙම කමිටුව ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ජාතික මට්ටමේ අධීක්ෂණයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
දේශපාලනයේදී සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ වැඩසටහන්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමේ වැඩසටහන්, උපදේශනය/දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන්, සහ 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවාව ක්‍රියාත්මක කිරීම ජාතික කාන්තා කමිටුවේ ප්‍රධාන වැඩසටහන් වේ.

අපගේ දැක්ම 

සමානාත්මතාවය තහවුරු වූ, හිංසනයෙන් තොර, කාන්තාවන්ට හිතකර ශ්‍රී ලාංකීය සමාජයක්

අපගේ මෙහෙවර 

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීම, සමානාත්මතාවය තහවුරු කිරීම හා පූර්ණ සංවර්ධනයට ඉවහල් වන ප්‍රතිපත්ති හා නීති පද්ධතීන් සකස් කිරීම ස‍ඳහා නිර්දේශ හා සහාය ලබා දීම සහ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පෙළඹවීම හා අධීක්ෂණය කර ඇගයීම.