මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය

පූර්ව ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශවල මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන් සම්බන්ධීකරණය හා ජාලගත කිරීම, පර්යේෂණ පැවැත්වීම, දත්ත රැස් කිරීම සහ මුල් ළමාවිය සංවර්ධනයට අදාළ වැඩසටහන් සම්පාදනය කිරීම. දරුවන්ගේ මුල් ළමාවියේ සම්පූර්ණ සංවර්ධනයට අදාළ වැඩසටහන්, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මුල් ළමාවියේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ සංවේදී බව ඇති කිරීම මෙම ලේකම් කාර්යාලයේ ප්‍රධාන අරමුණු වේ.

අපගේ දැක්ම 

ශාරීරික, මනෝ සමාජීය සහ ප්‍රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම.

අපගේ මෙහෙවර 

ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා පසු විපරම් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ සමස්ත සංවර්ධනය සහතික කිරීම.