නවතම ප්‍රවෘත්ති
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සංවර්ධනයට අදාළව තෝරාගත් වැඩසටහන්වල වත්මන් තත්ත්වය පසුවිපරම් කිරීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණය
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සංවර්ධනයට අදාළව තෝරාගත් වැඩසටහන්වල වත්මන් තත්ත්වය පසුවිපරම් කිරීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණය-
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය මගින් 2025.10.10 හා 11 දෙදින තුල අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් කිහිපයකට අදාලව ඉහත පසුවිපරම් ක්ෂේත්‍ර නිරීක්ෂණය සිදු කරන ලදී.
මෙහිදී පෙර පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් කිහිපයක් හා දරුවන් ගේ ආරක්ෂාව, රැකවරණය හා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා 2024 වර්ෂයේ දී මෙම අංශය මගින් සිදු කරන ලද වැඩසටහනක පසුවිපරම්කරණය ද සිදු කරන ලදී.
හදුනා ගත් දරුවන් ගේ හා පවුල්වල අවශ්‍යතා තක්සේරුවක් සිදුකළ අතර, එහිදී දරුවන්ගේ උප්පැන්න සහතිකවලට අදාල ගැටලු, අඛණ්ඩ පාසල් අධ්‍යාපනය සඳහා පවතින බාධාවන් මෙන්ම පවුල්වල ආරක්ෂාව සඳහා පවතින අවශ්‍යතා, මෙන්ම ආර්ථික සවිබල ගැන්වීමේ ප්‍රවනතාවයන් ද හඳුනා ගැනීමට හැකි විය. කඩිනමින් ඒ සදහා ඒකාබද්ධ ප්‍රවේශයෙන් යුතුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.
වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් ඇතුලු නිලධාරීන් ගේ පූර්ණ සහාය හා සම්බන්ධීකරණය මත සිදුකල වැඩසටහන වෙනුවෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් ගේ ද සහාය නොඅඩුව ලැබුනි. එමෙන්ම, වැඩසටහන සදහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා ගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරී ගේ ද සම්පත්දායකත්වය ලබා ගැනීමට හැකිවිය.
ලෝක ළමා දින ජාතික උත්සවය හා සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග ඒකාබද්ධව සකස් කල කුඩය බැගින්, ළමුන්ට අදාල වැඩසටහන් පිළිබදව දැනුවත් කරමින් ම ලබා දීමට ද මෙහි දී කටයුතු කරන ලදී.
නවෝත්පාදන සමාජ සංවර්ධන පදනම මගින් ක්‍රියාකාරකම් පාදක දැනුවත් කිරීමක් සිදුකල අතර, ඒ සදහා ළමුන් ගේ ඉහල ගුණාත්මක ප්‍රතිචාර ලැබුනි.
එල්පිස් ලංකා පෞද්ගලික ආයතනය හා සිලෝන් බිස්කට් සමාගම ද වැඩසටහන සදහා අනුග්‍රාහකත්වය ලබා දීමෙන් සහාය විය.