නවතම ප්‍රවෘත්ති

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ නිලධාරීන් හා අනෙකුත් ආශ්‍රිත සේවා සපයන ආයතනවල නිලධාරීන් හා සේවක කණ්ඩායම් වෙනුවෙන් සෞඛ්‍ය සේවා කඳවුරක්!

news-banner

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ නිලධාරීන් හා අනෙකුත් ආශ්‍රිත සේවා සපයන ආයතනවල නිලධාරීන් හා සේවක කණ්ඩායම් වෙනුවෙන් සෞඛ්‍ය සේවා කඳවුරක්!

 

 2024.03.26 දින පෙ.ව. 7.30 සිට ප.ව. 2.00 දක්වා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ පරිශ්‍රය තුල සුවිශේෂි සෞඛ්‍ය සේවා කඳවුරක් පැවැත්විනි. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධ සේවා සපයන්නන්ගේ හැකියාවන් ඉහළ නැංවීම හා ඔවුනගේ නිපුණතා නැවත සංවර්ධනය කිරීම පිළිබඳ වූ වැඩසටහන් මාලාවක එක් වැඩසටහනක් ලෙස මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානය කර තිබුනි.

 

සායන සේවා ඇරඹීමට පෙර පැවති සමාරම්භක අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, ගරු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය හා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ 2nd Secretary/ Development Co-operation Ms. Sophie Gordon ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. මෙම සායනය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය මඟින් සිදු කෙරිනි.

 

එමෙන්ම පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය හා සේවාවන්ද මේ සඳහා ලබාදී තිබුනි.

 

සායන සේවා අතර ශරීර ස්කන්ධ දර්ශක පරීක්ෂා කිරීම, නිවැරදි පෝෂණ උපදෙස් ලබාදීම, රුධිර පීඩනය පරීක්ෂා කිරීම් හා වෛද්‍ය සායන ප්‍රධාන විය. දීර්ඝ කාලීන ඖෂධ ලබා ගන්නා පුද්ගලයන්ට වෛද්‍ය නිර්දේශ අනුව ඖෂධ ලබාදීම, විද්‍යුත් කන්තුක රේඛා (ECG) පරීක්ෂාව හරහාද සේවාවන් ලබා දෙන ලදී.

 

නිදන්ගත වකුගඩු රෝග හඳුනා ගැනීමේ සායනය, සුවනාරි / ගැබ් ගෙල පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණ, පියයුරු පිළිකා සඳහා පරීක්ෂාව මෙන්ම අක්ෂි පරික්ෂාව හා ඇස් කණ්ණාඩි සහන මිලට ලබා දීමේ කාර්යභාරයන් ද සහභාගී වූවන්ට ඉතාමත් ප්‍රයෝජනවත් විය. දන්ත සායනය හා රුධිරගත සීනි හා කොලොස්ටරෝල් පරීක්ෂණ බෙහෙවින් සේවාදායකයන්ට වැදගත් සායන විය.

 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සැලසුම් හා මෙහෙයුම් අංශයේ ප්‍රධාන සම්බන්ධීකරණයෙන් සිදු වූ මෙම සායන කටයුතු සඳහා සමස්ත සේවාලාභීන් 500කට අධික ප්‍රමාණයකට සේවා සැපයීමට හැකි විය.

 

This project is supported by Australia Awards Sri Lanka as a part of a small Grand Scheme.


         


 .     


 .  .   .   


 .  .