නවතම ප්‍රවෘත්ති
ප්‍රජාතන්ත්‍රවාදය යනු කිහිප දෙනෙකු වෙත හිමි වරප්‍රසාදයක් නොවේ - එය සැමදෙනාගේ උපන්ගෙයි හිමිකමකි
පසුගිය (8) වන දින 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුව සමුළුව අතරතුර පැවැති "3 වැනි ලිෆාකා දේශනය" (3rd Lifaka Lecture) සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සහභාගි වූහ.
මෙවර එම දේශනය පවත්වනු ලැබුවේ බාබර්ඩෝස් හි ගරු අග්‍රාමාත්‍ය Mia Amor Mettely මහත්මියගේ සම්පත් දායකත්වයෙනි.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු කාර්යභාරය සහ කුඩා දූපත් රාජ්‍යයන් වෙත පවතින කාලගුණ විපර්යාස බලපෑම්" යන මැයින් මෙම දේශනය පැවැත්විණි.
මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ලිෆාකා දේශන මාලාව 2023 වර්ෂයේ පටන් පවත්වනු ලබන අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ජාත්‍යන්තර විධායක කමිටුවේ හිටපු සභාපති සහ කැමරුන්හි නියෝජ්‍ය කථානායක වූ දිවංගත ගරු එමීලියා මොන්ජෝවා ලිෆාකා (Emilia Monjowa Lifaka) මහත්මියව අනුස්මරණය කිරීම උදෙසා ආරම්භ කරන ලද්දකි.
මෙම අවස්ථාව සඳහා පොදුරාජය මණ්ඩලීය පාර්ලිමේන්තු නියෝජිතයින් සහ බ්‍රිජ්ටවුන් නගරයේ විශේෂ ආරාධිතයින් එක්ව සිටියහ.