නවතම ප්‍රවෘත්ති

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම 2025 - 2029 ක්‍රියාවට නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

news-banner

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම 2025 - 2029 ක්‍රියාවට නැංවීම" යන මැයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින්  ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2025.10.21 දින පැවති  අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමි විය.

මුල් ළමාවිය අධ්‍යාපනය යන්න ළමා මනෝවිද්‍යාව, ළමා සෞඛ්‍ය හා පෝෂණය ළමා රැකවරණය හා ආරක්ෂාව, දෙමව්පියන් පවුල හා ප්‍රජාව ආදී ළමා සංවර්ධන මාන රාශියක් සමග බැඳී ඇති බැවින්, ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඊට අදාළ විෂය පථයන් යටතේ කටයුතු කරන අමාත්‍යාංශ හා ආයතන හරහා ඒකාබද්ධ ප්‍රවේශයකින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පවතී.

එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගනු වස් සියලුම පාර්ශ්වකාර ආයතන වල සහභාගීත්වයෙන් "මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපායමාර්ග ක්‍රියාකාරී සැළැස්ම (2025 -2029)" සකස් කරන ලදී.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති රාමුවට අනුව පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනයේදී මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ඉහළ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

සමස්ථයක් වශයෙන් ගත් කල බොහෝ සෙයින් අවදානමට ලක්විය හැකි හා අවාසිදායක තත්ත්වයක සිටින ළමයින්ට විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය පෝෂණය අධ්‍යාපනය සමාජ සේවා රැකවරණය සහවා සමස්තයක් වශයෙන් ගත් කල බොහෝ සෙයින් අවදානමට ලක්විය හැකි හා අවාසිදායක තත්ත්වයක සිටින ළමයින්ට විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය, සමාජ සේවා රැකවරණය සහ ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීම, මුල් ළමා විය රැකවරණය හා සංවර්ධන විෂයය ක්ෂේත්‍රය තුළ අන්තර්ගත වේ. 

එම අන්තර්ගතය " මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම (2025 - 2029) "  ක්‍රියාවට නැංවීම මඟින්  ප්‍රායෝගික තලයකට ගෙන ඒමට හැකියාව පවතී.