නවතම ප්‍රවෘත්ති
දලුලන්න ඉඩදෙන්න - පැළ සිටුවීමේ වැඩසටහන - පරිසර දිනය 2025
"සියලුම වෘක්ෂ ලතාවෝ කපා දැමූ පසු, සියලුම ගංගා සිඳී ගිය පසු, අන්තිම මත්ස්‍යයාත් ආහාරයට ගත් පසු, මිනිසා තේරුම් ගනීවි, මුදල් ආහාරයට ගත නොහැකි බව"
රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ ඉහත ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ මනුෂ්‍ය වර්ගයා ලෙස ඔබත් මමත් මේ පරිසරය තුළ යැපෙන පරිසරයේම කොටසක් බවත් පරිසරය රැක ගැනීමට අප අපොහොසත් වුවහොත් තවදුරටත් මනුෂ්‍ය වර්ගයාට ද රැකෙන්නට නොහැකි වන බවත්ය.
මිනිසෙකු ලෙස අප ආදරය, කරුණාව, දයාව සහ කෘතගුණ සැළකීම යන සියලු ගුණධර්මයන් පුහුණු වන්නේ අප මුල් ළමාවිය තුළ පටන්ය. දරුවෙකුගේ ජීවිතය හැඩගැසෙන දිශානතිය තීරණය වන්නේ ද මුල් ළමාවිය තුළ ඔවුන්ගේ ආකල්ප සහ කුසළතා සංවර්ධනය වන ආකාරය අනුවයි. එබැවින් මෙවර ජගත් පරිසර දිනය නිමිති කොටගෙන "දලුලන්න ඉඩදෙන්න" යන්න තේමා කරගනිමින් ප්‍රකාශයට පත්කෙරුණු "ජාතික පරිසර සතිය" ට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් රජයට අනුබද්ධ මුල් ළමාවිය මධ්‍යස්ථාන සහ පෙර පාසල් ආශ්‍රිතව "පැළ සිටුවීමේ වැඩසටහන් මාලාව" ක් සංවිධාන කරන ලදී.
එහි සංකේතාත්මක වැඩසටහන අද (05) දින කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මි ගේ සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව නගර සභාව අනුබද්ධිත මඩපාත කැකුළු පෙර පාසලේ පුංචිත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මෙම වැඩසටහනට කැස්බෑව නගර සභාවේ ගරු සභාපති කලුමද්දුමගේ චාමර මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) නිල්මිණි හේරත් මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩී. ඩී. වරුණි රසාදරී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙමව්පියන්ද සහභාගි වූහ.