නවතම ප්‍රවෘත්ති

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

news-banner

අද (23) 2025 ලෝක ළමා දින ජාතික සතිය පිළිබඳව මාධ්‍යවේදීන් සහ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලදී. 

මෙහිදී අප පසු ගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පරිදි 2025.09.25 දින සිට 2025.10.01 දක්වා සතිය ළමා දින ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ එම සතිය තුළ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දරුවන් වෙනුවෙන් කටයුත කරනු ලබන අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන සති වැඩසටහන් මාලාව පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය.

මෙය දරුවන් සමරන සතියක් වෙනුවට තව තවත් දරුවන්ට ආදරෙන් සමීප වෙන සතියක් බවට පත්කර ගැනීම ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප සැමගේ කාලීන වගකීමක් ලෙස දැක්විය හැක.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය සාකච්ඡාවට කාන්තා සහ ළමා කටයුතු ගරු  අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) S.P.C. සුගීෂ්වර මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ අධ්‍යක්ෂ (සැළසුම්) සුභාෂිණි කහටපිටිය මහත්මිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය සහභාගීව සිටියහ.