නවතම ප්‍රවෘත්ති
"මනසින් සවිමත් – දරුවන් පොහොසත්"
ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වුණු ළමා දින ජාතික සැමරුම් උත්සවය ළමුන්ට මුල් තැන දෙමින් ළමුන් ගේ සහභාගීත්වෙයන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී 2026 ඔක්තෝම්බර් 01 දින පැවැත්විණි.
මෙම උත්සවය සඳහා කාන්තා සහ ළමා
කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය, ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල්
සුදර්ශන මැතිතුමා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,
රාජතාන්ත්‍රික නිලධාරීන් , රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල
නිලධාරීන් විශාල පිරිසක් එක්විය.
එහිදී
මනසින් සවිමත් – දරුවන් පොහොසත් යන තේමාව ප්‍රමුඛ
කොට ගනිමින්, කාන්තා
හා ළමා කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධීකරණයෙන් පරිවාස හා ළමා රක්ෂක සේවා
දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ප්‍රකාශයට පත් කල ළමා දින ජාතික සතිය
තුල ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිලිබදව හැදින්වීම.
ප්‍රවීන පෞරුෂ වර්ධක පුහුණු
උපදේශක උදය දේවමුල්ල මහතාගේ ආරාධිත දේශනය
ඇතුළු තවත් විශේෂාංයන් රාශියක්
පවත්වන ලදී.
දූ පුතුන්ගේ දක්ෂතා රුසක් ප්‍රදර්ශනය කෙරුණු මෙම වැඩසටහන, දැයේ දරුවන්ගේ හෙට දවස තවත් අර්ථවත් කරන්නට මගපෑදූ සුන්දර සැමරුමක් විය.



