නවතම ප්රවෘත්ති
ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම් උත්සවය - 2024
“සෙනෙහසේ දෑත් දිගුකර - රකිමු වැඩිහිටි, ළමා පරපුර” යන තේමාවෙන් යුතුව, 2024 ලෝක ළමා දින හා වැඩිහිටි දින සැමරුම් උත්සවය ඔක්තෝම්බර් මස 01 දින බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවයට සමගාමීව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ මෙහෙයවීවෙන් පවත්වන ලද මුල් ළමාවිය දරුවන් ගේ දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශනය හා ජයග්රාහකයින්ට සහතික පත්‍ර ප්‍රධානය ද සුහුරුපාය පරිශ්‍රයේ බිම් මහලේ පවත්වන ලදී.
දරුවන්, වැඩිහිටියන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ඇතුළු නිලධාරීන්, හා ආරාධිත අමුත්තන් 1000 කට අධික පිරිසක් මෙම අවස්ථාවන් සදහා සහභාගී විය. වැඩසටහන කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා හා සමාජ ආරක්ෂක හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබුණි.
2024 ලෝක ළමා දින මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීම, ” සිතුවිලි සිත්තම්” දීපව්‍යාප්ත චිත්‍ර, පෝස්ටර හා කාටුන් තරඟාවලියේ සමස්ත ලංකා ජයග්‍රහණ ඇගයීම, ඩිජිටල් ලොව දරුවා සුරකිමු කෙටි වීඩියෝ පට නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම ජාතික උත්සවයේ කැපී පෙනුණු අංග අතර විය. එමෙන්ම 2024 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම ද සුවිශේෂී අවස්ථාවක් විය.
වැඩිහිටි නිවාස ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් වැඩිහිටි නිවාස ඇගයීම “සිප්-සවි” අධ්‍යාපන ආධාර පිරිනැමීමේ වැඩසටහන පුළුල් කිරීම සංකේතවත් කිරීම මෙන්ම වැඩිහිටි මහලේකම් කාර්යාලය සම්බන්ධ වාර්තාමය වැඩසටහන්, “සුවසරණ” නමින් වැඩිහිටි රක්ෂණාවරණක් හඳුන්වාදීම ආදිය, වැඩසටහනේ අනෙකුත් මුලිකාංග විය. මුල් ළමාවිය දරුවන්, පාසල් දරුවන් හා වැඩිහිටියන්ගේ විවිධ නර්තනාංගයන් රැසක් ද වැඩසටහනේ ඉදිරිපත් විය.
මෙම ජාතික උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා විසින් සිදුකරන ලදි.
ගරු අග්‍රාමාත්‍යතුමිය දරුවන් හා වැඩිහිටියන් ගේ වටිනාකම, සමාජ මෙහෙවර, ඔවුන් රැකබලා ගැනීමේ වගකීම් මෙන්ම සෙනෙහස, පිරි සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීම පිළිබඳ රජයේ දැක්ම පැහැදිලි කරමින් සභාව ආමන්ත්‍රණය කරන ලදී. එමෙන්ම, ජනතා විශ්වාසය, එකමුතුකම, රාජ්‍ය ආයතන හරහා ඵලදායී ප්රශස්ත සේවාවක් ලබාදීමට සංවිධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීම, ජනතා අපේක්ෂා ඉටුකිරීමට ප්‍රායෝගික ගුණාත්මක වෙනසක් සිදු කිරීම, යහපත් සමාජයක් හා යහපත් පුරවැසියන් බිහිකිරීම සඳහා වටපිටාව ගොඩනැගීමේ නව රජයේ වැඩපිළිවෙලේ මූලාරම්භයන් ද පැහැදිලි කරන ලදී. මේ දිනවල දැඩි කතාබහට ලක් ව ඇති 5 වසර දරුවන්ගේ ශිෂ්‍යත්වය පිළිබඳ ගැටළුවේ දී දරුවාට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීම සඳහා රජය වශයෙන් අත්‍යාවශ්‍ය පියවර ගන්නා බව ද එතුමිය තහවුරු කරන ලදී.
. |
|