පසුබිම - අභ්‍යන්තර කටයුතු ඒකකය

රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය  සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම පදනම් කරගෙන රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වා දීම,  රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම හා සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියනක් නිර්මාණය කර, රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස සැපයීම මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රමුඛතම අරමුණූ වේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC)  ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකාව බැඳී සිටියි. 

තවද, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, ඉදිරියේදී එළිදැක්වීමට නියමිත අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්ති හා අරමුණු සමග අනුගත වේ.

ජනාධිපති කාර්යාලය මඟින් නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛය ප්‍රකාරව  සියලුම රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට තීරණය කර ඇත.