නවතම ප්‍රවෘත්ති
පුංචි අපට ලොව දිනන්න - සෙල්ළමටත් ඉඩක් දෙන්න
"පුංචි අපට ලොව දිනන්න - සෙල්ළමටත් ඉඩක් දෙන්න"
මුල් ළමාවිය රැකවරණය පිළිබඳ ජාතික සතිය 2025 හි අවසන් දිනය අද (20) ට යෙදී තිබුණි.
ඒ වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධාන කළ පෙර පාසල් ළමුන් සඳහා ක්‍රියාකරකම් පාදක වැඩසටහනක් සහ සමාප්ති සැමරුමක් කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය, බස්නාහිර පළාත් පෙර පාසල් ප්‍රඥප්ති ඒකකයේ අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සහ ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය සකුන්තලා රණසිංහ මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩී. ඩී. වරුණි රසාදරී මහත්මිය ඇතුළු නිලධාරීන්, දෙමව්පියන් සහ පෙර පාසල් දරු දැරියන් එක්ව සිටියහ.
මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව මනා අවබෝධයක් ප්‍රජාව වෙත ලබාදීම මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් ගුණාත්මක සේවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය වෙනුවෙන් වන ඉදිරි අපේක්ෂා සහ සැළසුම් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රකාශයට පත්කළ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය;
ජුලි 14 වන දායින් ඇරඹී ජුලි 20 දින දක්වා පුරා සතියක් පුරාවට මුලු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ප්‍රජා කණ්ඩායම් වෙත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබිණි.