නවතම ප්‍රවෘත්ති

9 වන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ (CWP) සමුළුව

news-banner

පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සමුළුව පසුගිය 7 සහ 8 දිනයන් වල  බාබර්ඩෝස් හි දී පැවැත්වුණි. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට (CPC) සමගාමීවයි. 

මේ වසරේදී එය පැවැත්වුණේ නව වන වරට වන අතර මෙවර එහි ප්‍රධාන තේමාව වූයේ  ‘Parliaments since Beijing +30: Progress, challenges and the road ahead for gender equality' යන්නයි. 191995 චීනයේ බීජිං නගරයේදී පැවති සිව්වන ලෝක කාන්තා සම්මේලනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බීජිං ප්‍රකාශය (Beijing Declaration) එළිදැක්වීමට වසර 30 සපිරීම මෙමගින් සංකේතවත් කරන ලදී. 

පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සභාපති නයිජීරියානු ෆෙඩරල් ජාතික සභාවේ නියෝජිත මන්ත්‍රී ගරු (ආචාර්ය) Zainab Gimba විසින් සමුළුව සමාරම්භ කළ අතර, 2025 වසරේ පොදුරාජ මණ්ඩලී කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ නායිකාව (President) වන බාබර් ඩෝස් හි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු Marsha K.A. Caddle මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ඇගේ අත්දැකීම් විස්තර කළාය.

මෙහිදී ඉදිරි වසර තුන සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය වෙත නව සභාපතිනියක් පත් කර ගත් අතර එලෙස තේරී පත් වූයේ පොදුරාජ මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ඔන්ටාරියෝ ශාඛාවේ, ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ  මන්ත්‍රීනි ගරු Catherine Fife මහත්මියයි.

මෙම සමුළුව තුළ පාර්ලිමේන්තු නායකයින්ගේ සහභාගිත්වය සහිතව කාලීන ගැටලු සාකච්ඡා කිරීමේ සැසි සහ වැඩමුළුද ඇතුළත් වූ අතර ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරමින් කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික කණ්ඩායම සමඟ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ නියෝජිතයින් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගීව සිටියහ.