නවතම ප්‍රවෘත්ති
පසුගිය (09) වන දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාප විධායක කමිටුව සඳහා සහභාගි විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපය සඳහා බංගලාදේශය මාලදිවයින ශ්‍රී ලංකාව පාකිස්ථානය සහ එහි ප්‍රාන්ත සභා හතරක් ඇතුළත් වේ.
පසුගිය වසර තුනක කාලය තුළ ආසියානු කලාපීය සභාපතිත්වය ශ්‍රී ලංකා විසින් සාර්ථකව දැරූ අතර එම කාල සීමාව 2025 වසරෙන් අවසන් විය.
මීළඟ සභාපතිත්වය බංග්ලාදේශය වෙත හිමිව තිබුණද එරට තුළ දැනට තේරී පත් පාර්ලිමේන්තුවක් නොමැතිවීම හේතු කොටගෙන එය චන්දයක් මගින් මාලදිවයින වෙත පැවරුණු ලැබිණි.
ඒ අනුව ඉදිරි වසර තුනක කාලය සඳහා මාලදිවයින් පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක Ahmed Nazim මහතා විසින් එම භූමිකාව ඉටු කරනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද, ආසියානු කලාපයේ නියෝජනය කරනු ලබන කමිටු සාමාජිකයින් සහ නියෝජිතයින් ද එක්ව සිටියහ.