නවතම ප්‍රවෘත්ති
දැනුවත් වෙමු - 1929 ගැන
2025 ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ "ළමා දින ජාතික සතියේ" දෙවන දිනය සනිටුහන් කරමින් පසුගිය (26) දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සංවිධාන කර තිබූ "1929 ළමා උපකාරක සේවය පිළිබඳව දැනුවත් කිරීමේ ස්ටිකර්" ඇලවීමේ වැඩසටහනට ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය හා නිලධාරීන් සහභාගී වූහ..
පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වාහන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබූ අතර ප්‍රවාහන සේවා හිමිකරුවන්, රියදුරු මහතුන් සහ සහයක සහයිකාවන් දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ පාසල් ප්‍රවාහන රථ හිමියන් සහ රියදුරු මහතුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද ගරු අමාත්‍යතුමිය ඇකුලු පිරිසට අවස්ථාව හිමි වූ අතර ඉදිරියේ දී ප්‍රවාහනය තුළ දී දරුවන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර සාර්ථක කරගැනීම සඳහා එම කතා බහ රුකුළක් වනු ඇත
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සහ එම කණ්ඩායමත් සමඟ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති වැඩසටහනේ සාමාජික දරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එදින පුරා දිවයිනේ බොහෝ පාසල් කලාප ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
.